Empty Ad
AFC Banner
Empty Ad

කුඩු තැති වූ මත් ලෝලියා ගෙලකපා ගනී

කුරුණෑගල බස් නැවතුම්පල තුළ දී කුඩු නැතුව සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවෙකු පිහිතලයකින් බෙල්ල සහ පපුව පෙදෙස කපාගෙන සිටිය දී රෝහල්ගත කර තිබෙනවා.

අයිස් සහ හෙරොයින් භාවිතය සඳහා දීර්ඝ කලක සිට ඇබ්බැහිව සිටි මොහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිට අයෙක්.

මෙම පුද්ගලයා ඊයේ (07) දින මත්ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් පිහි තලයකින් බෙල්ල සහ පපුව පෙදෙස කපාගෙන තුවාල සිදු කරගෙන තිබුණා.

පසුව මොහු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම පුද්ගලයා අධිකරණය මගින් වැරදි කරුවීමෙන් මොහුට විරුද්ධව පෙර වැරදි 13ක් තිබි ඇති බව කුරුණෑගල මුලස්ථාන පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
<p>?</p>