කුඩු තැති වූ මත් ලෝලියා ගෙලකපා ගනී

කුරුණෑගල බස් නැවතුම්පල තුළ දී කුඩු නැතුව සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවෙකු පිහිතලයකින් බෙල්ල සහ පපුව පෙදෙස කපාගෙන සිටිය දී රෝහල්ගත කර තිබෙනවා.

අයිස් සහ හෙරොයින් භාවිතය සඳහා දීර්ඝ කලක සිට ඇබ්බැහිව සිටි මොහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිට අයෙක්.

මෙම පුද්ගලයා ඊයේ (07) දින මත්ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් පිහි තලයකින් බෙල්ල සහ පපුව පෙදෙස කපාගෙන තුවාල සිදු කරගෙන තිබුණා.

පසුව මොහු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම පුද්ගලයා අධිකරණය මගින් වැරදි කරුවීමෙන් මොහුට විරුද්ධව පෙර වැරදි 13ක් තිබි ඇති බව කුරුණෑගල මුලස්ථාන පොලිසිය පවසනවා.