බුද්ධි තොරතුරෙන් කෝටි 3ක් වටිනා අම්බර සමඟ තිදෙනෙක් අත්අඩංගුවේ

පාවෙන රත්‍රං නමින් හැදින්වෙන මෙරට අලෙවි කිරීමට හෝ ව්‍යාපාර කිරීමට තහනම් වන අම්බර කිලෝ ග්‍රෑම් 4යි ග්‍රෑම් 500ක් නීති විරෝධි අයුරින් අලෙවි කිරීමට සුදානම්ව සිටි සැකකරුවන් තිදෙනෙකු දෙවිනුවර සහ නාකුළුගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ඊයේ (06)දින මිරිස්ස අපරාධ කොට්ඨාසයේ නිළධාරින්ට ලබා දුන් තොරතුරකට අනුවයි.

මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වයස අවුරුදු 25-30ත් අතර පසුවන නකුළුගමුවේ පදිංචිකරුවන්ය.

අත්අඩංගුවට ගත් අම්බර තොගයේ වර්තමාන වෙළදපොළ වටිනාකම රුපියල් කෝටි 3ක් පමණ වන මෙම අම්බර (Sperm Whale) වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති තල්මසුන්ගේ ශරීරයෙන් ස්වභාවිකව නිකුත් කරනු ලබන ශුක්‍රාණු සහ වමනය වන අතර මේවා සුවඳ විලවුන් නිශපාදිතයින් අතර වැඩි ඉල්ලුමක් පවතින බවත් එමගින් සුවඳ විලවුන්වල සුවඳ දීර්ඝ කාලීනව පවත්වා ගැනීම සදහා යොදාගන්නා බවටත් පැවසේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
5
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?