බුද්ධි තොරතුරෙන් කෝටි 3ක් වටිනා අම්බර සමඟ තිදෙනෙක් අත්අඩංගුවේ

පාවෙන රත්‍රං නමින් හැදින්වෙන මෙරට අලෙවි කිරීමට හෝ ව්‍යාපාර කිරීමට තහනම් වන අම්බර කිලෝ ග්‍රෑම් 4යි ග්‍රෑම් 500ක් නීති විරෝධි අයුරින් අලෙවි කිරීමට සුදානම්ව සිටි සැකකරුවන් තිදෙනෙකු දෙවිනුවර සහ නාකුළුගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ඊයේ (06)දින මිරිස්ස අපරාධ කොට්ඨාසයේ නිළධාරින්ට ලබා දුන් තොරතුරකට අනුවයි.

මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වයස අවුරුදු 25-30ත් අතර පසුවන නකුළුගමුවේ පදිංචිකරුවන්ය.

අත්අඩංගුවට ගත් අම්බර තොගයේ වර්තමාන වෙළදපොළ වටිනාකම රුපියල් කෝටි 3ක් පමණ වන මෙම අම්බර (Sperm Whale) වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති තල්මසුන්ගේ ශරීරයෙන් ස්වභාවිකව නිකුත් කරනු ලබන ශුක්‍රාණු සහ වමනය වන අතර මේවා සුවඳ විලවුන් නිශපාදිතයින් අතර වැඩි ඉල්ලුමක් පවතින බවත් එමගින් සුවඳ විලවුන්වල සුවඳ දීර්ඝ කාලීනව පවත්වා ගැනීම සදහා යොදාගන්නා බවටත් පැවසේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05