Update – සූරියවැව නිවසක් තුළ දෙදරු මව නැසූ අනියම් සැමියා සියදිවි නසාගනී

සූරියවැව, පොල්පහ ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කළ සිද්ධියේ සැකකරු සියදිවි හානිකරගෙන තිබෙනවා.

සැකකරු ගෙළ වැළලාගෙන මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඊයේ (05) පස්වරුවේ තියුණු ආයුධයකින් පහර දී සැකකරු විසින් 37 හැවිරිදි දෙදරු මවක් ඝාතනය කර තිබුණා.

අදාළ පුද්ගලයා සහ කාන්තාව අතර දීර්ඝ කාලයක සිට අනියම් සබඳතාවයක් පැවති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

එහි දී ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළා.

සැකකරු විසින් ඝාතනය සිදු කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් දුරකථනයෙන් පොලිසිය අමතා දැනුවත් කර තිබෙනවා.

අපරාධය සිදුවන අවස්ථාවේ කාන්තාව පමණක් නිවසේ රැඳී සිට ඇති අතර, ඇයගේ නීත්‍යානුකූල සැමියා නිවසේ සිට නැහැ.

ඝාතනය සිදුකිරීමෙන් පසු සැකකරු හම්බන්තොට, බැල්ලගස්වැව ප්‍රදේශයට ගොස් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට - මොකුත් නොකියම පිටවෙයි
00:52
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36