ඇෆ්ගන් පළමු ඉනිම 198න් නවතී

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේ ඇෆ්ගනිස්ථාන පළමු ඉනිම ලකුණු 198කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා SSC තණ තීරුවේ පළමුව ලකුණු රැස්කිරීමට ඇෆ්ගනිස්ථානයට ආරාධනා කළා.

ඒ, අනුව ඇෆ්ගනිස්ථාන පළමු ඉනිම වෙනුවෙන් රහමත් ෂා ලකුණු 91ක් රැස්කළ අතර, ආරම්භක පිතිකරු නූර් අලි සද්රන් ලකුණු 31 වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 04ක් බිඳ දැමූ අතර, අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 03 බැඟින් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?