දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීමට ජනපති විශේෂ අවධානයකින් කටයුතු කරනවා – සාගල

මෙරට ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම සහ දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අවධානයක් යොමු කර කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා.

ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම ඇතිව මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙන බවයිඔහු සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත ආරම්භ කෙරුණු “අස්වැසුම” වැඩසටහන මෙරට දිළිඳුකම පිටුදැකීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන බවත් කිසිසේත් දේශපාලනීකරණය නොවූ අස්වැසුම මෙරට ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් ශක්තිමත් දායකත්වයක් ලබාදෙනු ඇති බවත් ඔහු පැවසුවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මේ බව සඳහන් කර සිටියේ ඊයේ (01) කොළඹ රාමඩා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණු සබලකෘත සහල් (Fortified Rice) පාසල් දරුවන්ගේ දිවා ආහාර වේලට එකතු කිරීමේ වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාවට එක් වෙමින්.

පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ලෝක ආහාර වැඩසටහන, ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

දරුවන්ගේ රක්තහීනතාවය, මතක දුර්වලතා සහ ශරීර වර්ධනය අඩාල වීම ඇතුළු ඒ ආශ්‍රිත රෝග සඳහා පිළියම් සෙවීම ද මෙමඟින් අපේක්ෂා කෙරෙනවා.

යකඩ සහ ෆෝලික් අම්ල අඩංගුකර සකස් කරන ලද සබලකෘත සහල් අධ්‍යාපන අමාත්‍යාංශයට නිල වශයෙන් භාර දීම මෙහිදී සිදු කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ සාගල රත්නායක වැඩිදුරටත් පෙන්වා දුන්නේ අනාගත පරපුර නිරෝගී පරපුරක් ලෙස ගොඩනැඟීම අත්‍යවශ්‍ය වන බවත් පෝෂණය යනු කුසගින්න නිවා දැමීම පමණක් නොව රටේ අනාගතය හැඩගැස්වීමේ දී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන සාධකයක් බවයි.

මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා විවිධ පාර්ශ්ව වෙතින් ලැබෙන සහාය පිළිබඳ ස්තුතිය පළ කළ ඔහු විශේෂයෙන් බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනම වෙතින් ලද සහයෝගය ඇගයීමට ලක් කළා.

පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීමට මෙතෙක් ක්‍රියාත්මක වූ වැඩසටහන් පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ සාගල රත්නායක ලෝක ආහාර වැඩසටහනේ මැදිහත් වීමෙන් 2003 වර්ෂයේ දී මෙම පෝෂණ වැඩසටහන සඳහා වූ මුලපිරීම සිදු කෙරුණු බව ද කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14