මොවුන් ගැන තොරතුරක් දන්නවා නම් පොලිසියට කියන්න

මොරගහහේන පොලිස් වසමේ ගෝනපල ප්‍රදේශයේ පසුගිය 23 වනදා රූපලාවන්‍යගාරයක් කොල්ලකෑමේ සිද්ධියකට අවශ්‍යව කරන සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

කරව්ගොඩ ආරච්චිගේ දෝන මිලානි සංජීවනී නැමැති 38 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් සහ ඇයගේ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයෙක් මෙම සිද්ධියට සම්බන්ධ බවයි මොරගහහේන පොලිසිය සඳහන් කළේ.

සැකකාරිය බටකැත්තර පාර, මඩපාත, පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙම කොල්ලකෑමට සහ තවත් අපරාධ ගණනාවකට අවශ්‍ය කරන මෙම සැකකරු සහ සැකකාරිය සම්බන්ධයෙන් තොරතුරක් ලදහොත් දැනුම් දෙන ලෙසයි පොලිසිය පවසන්නේ.

ඒ, අනුව 071 8591687 හෝ 034 2253253 යන දුරකථන අංකවලට මොවුන් පිළිබඳ තොරතුරු ලබාදිය හැකියි.

සැකකරු සහ සැකකාරියගේ ඡායාරූප පහතින්.

WhatsApp Image 2024 01 28 at 8.09.18 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
28
+1
23
+1
68
+1
25
+1
10
+1
14
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?