රතු මුහුදේ ගැටුම් නිසා ගොඩයන කොළඹ වරාය (වීඩියෝ)

ජනවාරි මාසයේ කොළඹ වරායේ මෙහෙයවා ඇති බහාලු ප්‍රමාණය සියයට 70කින් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ රතු මුහුදේ පවතින ගැටුම් හේතුවෙන් කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා ප්‍රමාණය වැඩි වී ඇති බවයි.

රතු මුහුද ආශ්‍රිතව ඇතිව තිබෙන අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවර ලෙස කොළඹ වාරාය වෙත සිය නෞකා සේවා ක්‍රියාත්මක කිරීමට නැව් සමාගම් පෙළඹී තිබෙනවා.

මේ හේතුවෙන් දෛනිකව කොළඹ වරායට පැමිණෙන නෞකා ප්‍රමාණය වැඩි වී ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසනවා.

ඊයේ දිනයේදී නෞකා 24ක් කොළඹ වරායේ නැංගුරම් ලා තිබුණු අතර, නැංගුරම්පොළ බලාපොරොත්තුවෙන් පිටත වරායේ තිබුණු නෞකා ගණන 06ක්.