ආදුරුප්පු වීදියේ වෙඩි තැබීමට හේතුව හෙළිවෙයි (වීඩියෝ)

කොළඹ – ආදුරුප්පුවීදිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත සිදු වූවක් බව අනාවරණ වී තිබෙනවා.

කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇති මෙම වෙඩි තැබීම සඳහා රුපියල් ලක්ෂ 4ක මුදලක්ද ලබ දී ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වුණේ.

වෙඩිවැදීමෙන් තුවාල ලැබු 26 හැවිරිදි තරුණයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

ආදුරුප්පුවීදිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තරුණයෙකුට වෙඩි තබා තිබුණේ ඊයේ (24) රාත්‍රියේ යි.

වෙඩි තැබීමෙන් අනතුරුව ඔවුන් පළායාමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් එක්ව එක් අයෙකු අල්ලා පොලිසියට භාරදුන්නා.

ඊයේ රාත්‍රී 8.40 ට පමණ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු තරුණයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි ජෝජ්රාජ් ධනුස්රාජ් නම් තරුණයෙක්.

වෙඩිතැබීම සඳහා පැමිණි පුද්ගලයන් වෙඩි තබා පළායාමට සැරසෙන අයුරු අසල තිබු CCTV කැමරාවක ද සටහන්ව තිබුනා.

කෙසේ වෙතත් මේ අවස්ථාවේ යතුරු පැදිය පණගැන්වීමට නොහැකිවීමත් සමග එය මහමග දමා පළායාමටයි වෙඩිතැබීමට පැමිණි පුද්ගලයින් කටයුතු කර තිබුනේ.

මෙලෙස සැකකරුවන්ගේ පලායාමේ උත්සාහය ව්‍යර්ථ වෙද්දී ප්‍රදේශවාසීන් එක්ව වෙඩිතැබීමට පැමිණි එක් අයෙකු අල්ලා ගැනීමට සමත්වුණා.

ඔවුන් පැමිණි ඩබ්ලිව්.පී. එම්.ඒෆ්. 4792 දරන අංකය සහිත යතුරු පැදිය ද වෙරළබඩ පොලිසියේ නිලධාරීන්ගේ භාරයට ගෙන අල්ලාගත් සැකකරුද සමග ආදුරුප්පුවීදිය පොලිසිය වෙත භාර දී තිබෙනවා.

සැකකරුවන් වෙඩිතැබීමට භාවිතා කල පිස්තෝලය ද සොයාගෙන ඇති අතර වෙඩි තැබීමට පැමිණි අනෙක් සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?