මීන ගයා දුම්රියේ ආපන ශාලාවට සීල් තියයි (වීඩියෝ)

මඩකලපුව කොළඹ අතර ධාවනය වන මීනගයා නගරාන්ත්‍ර සිඝ්‍රගාම් දුම්රියේ ආපන ශාලාවට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු එම්.එච්.එම් හම්සා මහතාගේ නියෝගයකට අනුව එය මුද්‍රා තබා තිබෙනවා.

ඊයේ (24) දින ආපන ශාලාවේ හිමිකරුට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවකට අනුව ලබන 8වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට විනිසුරුවරයා නියෝගයක් නිකුත් කළා.

ඒ අනුව, ආපනශාලා මැදිරියට සීල් තබා තිබෙනවා.

මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.සුගුණන්, වෛද්‍ය මිතුන්රාජ්, සෝතිරාජ අමිර්තන්, සෝමසුන්දරම් යසෝතන්ගේ ප්‍රමුඛ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් සඳුදා (22) දින නගරයේ ජනප්‍රිය හෝටල් සහ දුම්රිය මැදිරි ආපනශාලා හදිසි වැටලීමක් සිදු කළා.

මේ තත්ත්වය තුළ මඩකලපුව දුම්රිය ස්ථානයේ සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා නගරාන්ත්‍ර සිඝ්‍රගාමි දුම්රිය මැදිරියේ ආපනශාලාව පරීක්ෂා කිරීමේදී අනාරක්ෂිත ආහාර ව්‍යාපාරයක් සහ පිරිසුදුකමකින් තොර ආහාර ව්‍යාපාරයක් සිදුවන බව අනාවරණය වීමෙන් 8 වනදා දක්වා දින 14ක් වසා තබන ලෙස නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?