මීන ගයා දුම්රියේ ආපන ශාලාවට සීල් තියයි (වීඩියෝ)

මඩකලපුව කොළඹ අතර ධාවනය වන මීනගයා නගරාන්ත්‍ර සිඝ්‍රගාම් දුම්රියේ ආපන ශාලාවට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු එම්.එච්.එම් හම්සා මහතාගේ නියෝගයකට අනුව එය මුද්‍රා තබා තිබෙනවා.

ඊයේ (24) දින ආපන ශාලාවේ හිමිකරුට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවකට අනුව ලබන 8වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට විනිසුරුවරයා නියෝගයක් නිකුත් කළා.

ඒ අනුව, ආපනශාලා මැදිරියට සීල් තබා තිබෙනවා.

මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.සුගුණන්, වෛද්‍ය මිතුන්රාජ්, සෝතිරාජ අමිර්තන්, සෝමසුන්දරම් යසෝතන්ගේ ප්‍රමුඛ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් සඳුදා (22) දින නගරයේ ජනප්‍රිය හෝටල් සහ දුම්රිය මැදිරි ආපනශාලා හදිසි වැටලීමක් සිදු කළා.

මේ තත්ත්වය තුළ මඩකලපුව දුම්රිය ස්ථානයේ සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා නගරාන්ත්‍ර සිඝ්‍රගාමි දුම්රිය මැදිරියේ ආපනශාලාව පරීක්ෂා කිරීමේදී අනාරක්ෂිත ආහාර ව්‍යාපාරයක් සහ පිරිසුදුකමකින් තොර ආහාර ව්‍යාපාරයක් සිදුවන බව අනාවරණය වීමෙන් 8 වනදා දක්වා දින 14ක් වසා තබන ලෙස නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දෙන්න සල්ලි ටික - ඔයාලට වඩා හොඳට වැඩ කරයි
02:39
Video thumbnail
රාජපක්ෂ පවුලට දවස් 7ක් මදි වෙලා දැන්
00:51
Video thumbnail
නාමල් ගැන ඒ බය තියාගත්තා නම් ඇති
08:58
Video thumbnail
ලැට් හවුස් නෙවෙයි - වරදවා තේරුම් ගන්න එපා - ලැටිමා හවුස් ප්‍රින්සිපල් එක කුඩු පට්ටම් කරලා තියෙන්නේ
10:01
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48
Video thumbnail
අනුර සර් ඔයා රටේ අයිතිකාරයා නෙවෙයි - භාරකාරයා..මේ නිර්මාණය කරන්නේ කළු රාජ්‍යයක්
11:31
Video thumbnail
ඇමති සමන්ත කලකට පසු විපක්ෂයට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:23
Video thumbnail
නාමල්ව වට්ටන්න අනුර කුමාරලා 10000ක් ආවත් බෑ
05:44
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි'
01:19
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි' - මුළු ඇඟම රෙද්දකින් වහගෙන එන අයුරු
01:37