ධීවරයාගේ සෞඛ්‍ය සුබසාධනය වෙනුවෙන් ‘ධීවර සුව සවිය’

මෙරට ධීවර ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනය නඟාසිටුවීම වෙනුවෙන් ‘ධීවර සුව සවිය’ නමින් නව වැඩසටහනක් ආරම්භ කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා පවසනවා.

මෙම වැඩසටහනෙහි පළමු අදියර ලබන 26 වනදා වෙන්නප්පුව, වැල්ලමංකරය ධීවර වරායෙන් ආරම්භ කරන බවයි ඔහු සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

ධීවර ජනතාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් ලෙස ධීවර කටයුතු සඳහා මුහුදට ගොස් සිටියදී රෝගාතුර වීම හඳුනාගෙන තිබෙනවා. ධීවරයන් හදිසියේ රෝගාතුර වූ විට ඔවුන් සඳහා ප්‍රථමධාර ප්‍රතිකාර ලබා දෙන්න කෙසේද යන්න පසුගිය කාලය පුරා අත්දුටු ගැටලුවක්ව තිබෙනවා. ඇතැම් රෝගාතුර වූ ධීවරයෙන් සඳහා ප්‍රතිකාර ලබාදීමට රැකියාව සිදු කළ ප්‍රදේශය ආසන්නයේ පිහිටි විදේශ රටවල සහය ලබා ගැනීමට ද සිදුවුණා. එමෙන්ම ඇතැම් රෝගාතුර වූ ධීවරයන් කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වන නිසා ඒ සඳහා ද අති විශාල මුදලක් වැය කිරීමට සිදු වෙනවා.

ඒ වගේම මුහුදේදී රෝගාතුර වූ ධීවරයන් මියයෑම ඉතාම ඛේදනීය තත්ත්වයක් බව ද කිව යුතුයි. ධීවරයකු යාත්‍රාව තුළ මියගිය අවස්ථාවලදී මෙන්ම රෝගාතුර වූ අවස්ථාවලදී යාත්‍රාවට ධීවර කටයුතු සිදු කිරීමට අවකාශ ලැබෙන්නේ නැහැ. එම කටයුතු නවතා ඔවුන්ට නැවත බිමට ඒමට සිදු‍ ‍වනවා. එනිසාම මත්ස්‍ය අස්වැන්න ද අහිමිව දැඩි ආර්ථික අලාභයකට මුහුණ දීමට ද ඔවුන්ට සිදුවෙනවා. එම බලපෑම ධීවරයන්ට පමණක් නොව, අපනයන ආදායමට මෙන්ම දේශිය මත්ස්‍ය පරිභෝජනයටද විශාල බලපෑමක් එල්ල කරනවා.

තවද ධීවරයෙක් මිය ගිය විට එම ධීවර පවුලේ ආදායම් මාර්ගය සම්පූර්ණයෙන්ම ඇනහිටිනවා. පවුල්වල පිරිස් ද අසරණ තත්ත්වයට පත් වෙනවා. මේ සඳහා ස්ථිරසාර වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය දීර්ඝ කාලයක සිටම පැවතුණා.

මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන ධීවර ප්‍රජාවගේ සෞඛ්‍ය සුබසාධනය නඟාසිටුවීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන සුවිශාලතම වැඩසටහනක් ලෙස ‘ධීවර සුව සවිය’ හඳුන්වන්න පුළුවන්. එම වැඩසටහනෙහි පළමු අදියර එළැඹෙන ජනවාරි 26 වෙන්නප්පුව, වැල්ලමංකරය ධීවර වරායේදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනවා.

මෙම වැඩසටහන යටතේ සියලු ධීවරයන් සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයන්ට ලක් කර වෛද්‍ය සහතිකයක් ලබාදීමටද කටයුතු කරනවා. මේ සඳහා සෑම ධීවර වරායක් ආශ්‍රිතව පිහිටා ඇති රජයේ රෝහලක් නම් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම වෛද්‍ය සහතිකය වසර දෙකක කාලයක් සඳහා වලංගු වනවා. අදාළ ධීවරයා විසින් සෑම වසර දෙකකට වරක් තම වෛද්‍ය සහතිකය ලබාගත යුතුයි. පළමුව බහුදින යාත්‍රාවල නියමුවන් ද, ඉන් අනතුරුව බහුදින යාත්‍රාවල කාර්ය මණ්ඩලයද, අනතුරුව දිවයිනේ සිටින සියලු ධීවරයන්ද මෙමඟින් ආවරණය කිරීමට අපේක්ෂා කරනවා.

සියලු ධීවරයන් සඳහා ප්‍රථමාධාර පිළිබඳ පුහුණුවක් ලබාදී සහතිකයක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ඒ මුහුදු ගොස් සිටියදි යම් ධීවරයකු හට අසනීප තත්ත්වයක් ඇති වුවහොත් සෙසු ධීවරයන් විසින් ඔහුට හදිසි ප්‍රථමාධාර ලබාදීම සිදුකළ යුතු නිසයි. ඒ වෙනුවෙන් ධීවර කාර්මිකයන්ට ප්‍රථමාධාර පුහුණුවක් ලබාදීම අත්‍යවශ්‍යයි. පුහුණුව ක්‍රමානුකූලව සම්පූර්ණ කිරීමත් සමඟම සෑම යාත්‍රාවකම අවම වශයෙන් එක් අයකුවත් මෙම ප්‍රථමධාර පුහුණුව ලැබූවකු සමඟ රැකියාව සඳහා පිටත් කිරීමට අපේක්ෂා කරනවා. මෙම පුහුණු වැඩසටහන ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය බළකාය විසින් සිදු කරනු ලබනවා.

ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත මුහුදේදී ඇතිවන හදිසි අවස්ථාවකදී අවශ්‍ය විය හැකි ඖෂධ සහ උපකරණ අඩංගු ප්‍රථමාධාර කට්ටලයක් සෑම යාත්‍රාවකම ස්ථාපිත කිරීම ද මේ යටතේ සිදු කරනවා. මෙම සමස්ත ක්‍රියාවලිය සම්පූර්ණ වීමත් සමඟම නිරෝගී, සෞඛ්‍යමත් ධීවර කාර්මිකයකු රැකියාවට යැවීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම හදිසි ප්‍රථමාධාර ලබාදීම හරහා ඔවුන්ගේම ජීවිත අවදානම අවම වෙනවා. මෙතෙක් කල් රෝගී වූ ධීවරයන් රැගෙන ඒමට දැරූ පිරිවැය අඩු කර ගැනීමට ද හැකියාව ලැබෙනවා. ධීවර අමාත්‍යංශය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
UAE, Qatar සහ Kuwait රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට විශේෂ පණිවුඩයක්
02:46
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ආණ්ඩුවේ කට්ටියගෙන් අය කරගන්න ඕනේ
05:16
Video thumbnail
ආණ්ඩුව ගැන ඇහුවාම මහින්ද දීපු අපූරු උත්තරේ
00:59
Video thumbnail
මනොජ්ගේ මවට අවසන් ගෞරව දක්වන්න මහින්ද සහ ගෝඨත් එයි
02:10
Video thumbnail
ආණ්ඩුවේ කට්ටිය කොච්චර හොරකම් කළත් එයාලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ
08:10
Video thumbnail
රටම කම්පා කළ අභිරහස් මරණයේ වෙනස් කතාවක් එළියට - ආදරය නමින් සිදු වූ බිහිසුණු රඟපෑම
05:44
Video thumbnail
ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ රැකියා | අලුත්ම වීසා සහ නීති
03:59
Video thumbnail
ඔයාලගේ අමුඩේ ගලවලා තමයි අපි එළවන්නේ - ටී.බී සරත් කියපු කතාව ඉල්ලා අස්කරගන්නා
07:09
Video thumbnail
SPA හිමියෝ මානව හිමිකමට යයි - පොලිස් ලොක්කොන්ට වැඩ වරදියි..?
15:51
Video thumbnail
රතු කට්ට පැන්න ගොවි නායකයෝ ආණ්ඩුවට පොල් ගහයි
04:12