තංගල්ලේ වෙඩි තැබීම ත්‍රිපුද්ගල ඝාතනයකට සිදුකළ පළිගැනීමක් ? (ඡායාරූප)

තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ දී අද (22) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීම තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ සිදු වූ ත්‍රිපුද්ගල ඝාතනයකට පළිගැනීමක් වශයෙන් සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසනවා.

උදෑසන 8.30ත් 8.40ත් කාලයේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද ඒ අතර සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.

වෙඩිතැබීම සිදු වූ ස්ථානයේම පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් පුද්ගලයෙක් තංගල්ල රෝහලට ඇතුළත් කර සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මොවුන් පිරිස සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටිය දී කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගිය බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙම පිරිස තංගල්ල අධිකරණයේ පැවැත්වෙන නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණෙමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඉලේකුට්ටිගේ සමීර මධුසංඛ, කුමාර විදාරණලාගේ හසිත චින්සුක, බයියාදුරයලාගේ බුද්ධික රාපක්ෂ සහ කන්නංගර කෝරළලාගේ නලීන් චම්පික ජයතිලක, සමන් පෙරේරා යන අය මෙම වෙඩි තැබීමෙන් මිය ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
17
+1
3
+1
14
+1
4
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෑස් මිල අඩුවීම ගැන ජනතාව කිව්ව දේ - බොහොම සන්තෝෂයි..රජයට අපි ස්තූති කරනවා..
02:27
Video thumbnail
ශානි, රවීලා තනතුරු ගත්තේ JVP වේදිකාවට නැගලා - කොහොමද සලේට සාධාරණයක් වෙන්නේ
02:49
Video thumbnail
159ට හිතක් පපුවක් නෑ..හැඟීම් දැනීම් නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න කියයි
04:25
Video thumbnail
හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගැනීම ගැන චන්දන හෙළිකරපු දේ - එදා නීතිය තමන්ට ඕනි විදියට නමා ගත්තා
05:05
Video thumbnail
විපක්ෂයේ උවමනාව දායාසිරිගේ කටින් ආවේ - සජබය ආණ්ඩු හදන්න ඉන්නේ මංකොල්ලකාරයින් එක්කද ?
04:12
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි
01:55
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේනක් වටකළ මෙහෙයුම
00:59
Video thumbnail
සරුවට වැඩුණු මහා පරිමාණයේ ගංජා හේනක් වටලා ගස් 55000ක් අළු කරලා දායි
01:47
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි..ප්‍රදේශයට ලොකු හානියක් කරන්න යන්නේ
02:23
Video thumbnail
හිටපු ඇමති චන්ද්‍රසේනටත් වැඩ වරදියි - නෑනගෙයි මස්සිනාගෙයි තනියට යන්න බඩු හදා ගන්නවා
04:24