තංගල්ලේ වෙඩි තැබීම ත්‍රිපුද්ගල ඝාතනයකට සිදුකළ පළිගැනීමක් ? (ඡායාරූප)

තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ දී අද (22) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීම තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ සිදු වූ ත්‍රිපුද්ගල ඝාතනයකට පළිගැනීමක් වශයෙන් සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසනවා.

උදෑසන 8.30ත් 8.40ත් කාලයේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද ඒ අතර සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.

වෙඩිතැබීම සිදු වූ ස්ථානයේම පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් පුද්ගලයෙක් තංගල්ල රෝහලට ඇතුළත් කර සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මොවුන් පිරිස සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටිය දී කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගිය බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙම පිරිස තංගල්ල අධිකරණයේ පැවැත්වෙන නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණෙමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඉලේකුට්ටිගේ සමීර මධුසංඛ, කුමාර විදාරණලාගේ හසිත චින්සුක, බයියාදුරයලාගේ බුද්ධික රාපක්ෂ සහ කන්නංගර කෝරළලාගේ නලීන් චම්පික ජයතිලක, සමන් පෙරේරා යන අය මෙම වෙඩි තැබීමෙන් මිය ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06