ඩ්‍රෝන තාක්ෂණයෙන් වගා හානි තක්සේරු කිරීමට සැරසේ

පැවති අධික වර්ෂාව හා ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙවර මහ කන්නයේ වී වගා කර තිබූ කුඹුරු අක්කර 61,000ක් පමණ හානියට පත්ව ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව හානියට පත් වූ කුඹුරුවල හානි වීම් තක්සේරු කිරීමේ කටයුතු වහාම අරඹන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට මේ වනවිට උපදෙස් ලබාදී ඇති බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ.

නියඟය හේතුවෙන් යල කන්නයේ සිදු වූ වගා හානි තක්සේරු කිරීම් කළ ආකාරයටම, ගංවතුර හේතුවෙන් සිදු වූ හානි වීම් ද තක්සේරු කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ඩ්‍රෝන තාක්ෂණය යොදාගැනීමට නියමිතව ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?