AFC Banner
Empty Ad
Empty Ad

විධායක නිලධාරිනිය සිව් හැවිරිදි පුත්‍රයා ඝාතනය කරලා

විධායක නිලධාරිනියක් තම සිව් හැවිරිදි පුත්‍රයා ඝාතනය කළ බව කියන පුවතක් මේ වනවිට ඉන්දියාවේ ප්‍රධාන පුවතක් බවට පත්ව තිබෙනවා.

39 හැවිරිදි වියේ පසුවන සුචනා සෙත් නැමැති මෙම විධායක නිලධාරිනිය පසුගිය දා ගෝවා හි මහල් නිවාස සංකීර්ණයක නිවසක් තුළ දී තම පුත්‍රයා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

‘The Mindful AI Lab’ නැමැති ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කර ඇති මෙම කාන්තාව පසුගිය 06 වනදා අදාළ මහල් නිවාස සංකීර්ණයේ නිවසට පුත්‍රයා සමඟ පැමිණ ඇති බවයි අනාවරණය වී තිබෙනවා.

පසුව ඇය පසුගිය සදුදා (08) විශාල මල්ලක් ද රැගෙන කුලී රථයකින් අදාළ නිවසින් පිටත්ව ගොස් ඇති අතර, ඇය රැගෙන ගිය ගමන් මල්ල තුළ ඝාතනය කළ සිව් හැවිරිදි පුත්‍රයාගේ මළ සිරුර දමාගෙන ගොස් ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අදාළ මහල් නිවාස කාර්ය මණ්ඩලය කාන්තාව රැඳී සිටි නිවස පිරිසිදු කිරීමට ගිය විට තුවායක ලේ පැල්ලම් දක්නට ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වහාම පොලිසියට දන්වා ඇති බව සඳහන්.

එමෙන්ම අදාළ කාන්තාව අසාමාන්‍ය බරකින් යුත් බෑගයක් රැගෙන ගිය බවත්, ඇය සමඟ පැමිණි ඇගේ පුතා නොසිටි බවත් ඔවුන් පොලීසියට පවසා තිබෙනවා.

අනතුරුව පොලිසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගැනීමට කටයුතුකර ඇති අතර, ගමන් මල්ලේ දමා රැගෙන ගිය දරුවාගේ මළ සිරුර ද සොයාගත් බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් පසු මනෝවිද්‍යාත්මක පරීක්ෂණයකට ද යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඇයගෙන් පොලිසිය රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර, සැකකාරිය සිය පුතාගේ ඝාතනය සම්බන්ධයෙන් පසුතැවිල්ලක් නොපෙන්වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
3
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?