නයන වාසලතිලක දිවුරුම් දෙයි

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා නයන වාසලතිලක අද (12) පාර්ලිමේන්තුවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නා.

2015 වසරේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසී ඇති නයන වාසලතිලක 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමගි ජන බලවේගය නියෝජනය කරමින් බදුල්ල මැතිවරණ කොට්ඨාසයෙන් මනාප 31,307ක් ලබාගත්තා.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය නිම කර ඇති වාසලතිලක මන්ත්‍රීවරයා සූපවේදය පිළිබඳව උපාධියක් සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධියක් ස්විස්ටර්ලන්තයේ දී හදාරා තිබෙනවා.

එමෙන්ම සූපවේදියෙකු ලෙස වසර ගණනක අද්දැකීම් සහිත ඔහු ඕස්ටේලියාවේ ප්‍රධාන පෙළේ හෝටලයක සහ ශ්‍රි ලංකාවේ ප්‍රධාන හෝටලයක සූපවේදියෙකු ලෙස සේවය කර ඇති අයෙක්.

නයන වාසලතිලක මන්ත්‍රීවරයා මේ වන විට ව්‍යවසායකයෙකු ලෙස දේශීය සහ විදේශීය ව්‍යාපාර කිහිපයකම හිමිකාරිත්වය දරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !