අවසන් එක්දින තරගයේ පහසු ජයත් සමග ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජය ගනී

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය 2ට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

ඒ දෙරට අතර අද පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 8කින් ජය ගනිමින්. අවසන් එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 97ක්.

තරගයේ කාසියේ වාසිය හිමිවූ සිම්බාබ්වේ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි. ඔවුන්ගේ ඉනිමට අවස්ථා දෙකකදී වර්ෂාවෙන් දැඩි බාධා එල්ලවුණා.

පළමු අවස්ථාවේ වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය යළි ආරම්භ කෙරුණේ එක් කණ්ඩායමකට පන්දුවාර 43 බැගින් ලබාදී තීරණය කිරීමෙන් අනතුරුවයි.

එහෙත් සුලු වේලාවකින් යළිත් වැසි පතිත වීම හමුවේ තරගය තාවකාලිකව නතර කරනු ලැබුවා. පසුව රාත්‍රී 8ට යළි තරගය ආරම්භ කළේ එක් කණ්ඩායමකට පන්දුවාර 27 බැගින් ලබාදීමට ගත් තීරණයත් සමගයි.

සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 22යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 96ක් පමණයි.

Joylord Gumbie ලකුණු 41ක් රැස් කළා. සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩකයන් 6 දෙනෙකුම දැවී ගියේ ලකුණු 10ට අඩුවෙන් ලබා සිටියදීයි. ක්‍රීඩකයන් දෙදෙනෙක් කිසිදු ලකුණක් නොලබාම පිටියෙන් ඉවත්වුණා.

වනිඳු හසරංග ලකුණු 19කට කඩුලු 7ක් බිඳහෙලුවා. වනිඳු හසරංගගේ එක්දින ක්‍රිකට් දිවියේ හොඳම කඩුලු දවා ගැනීම ලෙසට සැලකෙන්නේ ද මෙයයි.

ජනිත් ලියනගේ මහීෂ් තීක්ෂණ සහ දිල්ෂාන් මදුෂංක එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 66ක් රැස් කළා. අද එක්දින වරම් හිමි කරගත් ශෙවොන් ඩැනියෙල් ලකුණු 12යි. සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 14ක් ලබා ගත්තා. අවිෂ්ක ප්‍රනාන්දු කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත තරගාවලිය ලබන ඉරිදා (14) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන්නේ රාත්‍රී 7ටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06