පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන විශේෂ නිවේදනයක්

අප්‍රේල් 21 පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කරමින් මහා විනාශයක් සිදුකළ අය සොයාගන්නට සහ ඔවුන්ට දඬුවම්දීමට ප්‍රහාරයෙන් වසර දෙකක් ගතවන තුරුත් නොහැකිවීම පුදුමය දනවන ප්‍රහේලිකාවක් බවත්, මෙම පරීක්‍ෂණ සිදුකරන ආයතනවල කාර්යක්‍ෂමතාවයට යම් බලපෑම් කිරීමක් ඇත්දැයි සාධාරණ සැකයක් එතුළින් මතුවන බවත් එම නිවේදනය මගින් එම කමිටුව සදහන් කරයි.

මෙවැනි මිලේච්ඡ ත්‍රස්ත ක්‍රියාවන් සැලසුම් කරන, සිදුකරන සහ අනුබල දෙන කිසිවකුට නීතියේ රැහැනින් මිදීයාමට කිසිඳු ඉඩක් නොමැති බව ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වීම සාමය ආරක්‍ෂා කිරීමේ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීමෙන් බැඳී සිටින සියලු නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක් බව ද එහි සඳහන් වේ.

රටේ සිදුවන සෙසු අපරාධ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් බුද්ධි තෙරතුරු සෙවීමට සම්බන්ධ රජයේ ආයතන කඩිනමින් එම අපරාධවල කතුවරුන් සොයා යන තත්ත්වයක් තිබියදී, 269 දෙනෙකු අමු අමුවේ ඝාතනය කර හා 300 කට වැඩි පිරිසක් ආබාධිතයින් සහ සදහටම ආරෝග්‍ය ශාලාවලට යන්නන් බවට පත් කළ ඒ මහා විනාශය සිදු කළ අය සොයන්නට සහ දඬුවම් දීමට වසර 2ක් ගත වී ඇතත් එය නොහැකි වීම ඇත්තෙන්ම පුදුමය දනවන ප්‍රෙහෙළිකාවක් බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?