පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන විශේෂ නිවේදනයක්

අප්‍රේල් 21 පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කරමින් මහා විනාශයක් සිදුකළ අය සොයාගන්නට සහ ඔවුන්ට දඬුවම්දීමට ප්‍රහාරයෙන් වසර දෙකක් ගතවන තුරුත් නොහැකිවීම පුදුමය දනවන ප්‍රහේලිකාවක් බවත්, මෙම පරීක්‍ෂණ සිදුකරන ආයතනවල කාර්යක්‍ෂමතාවයට යම් බලපෑම් කිරීමක් ඇත්දැයි සාධාරණ සැකයක් එතුළින් මතුවන බවත් එම නිවේදනය මගින් එම කමිටුව සදහන් කරයි.

මෙවැනි මිලේච්ඡ ත්‍රස්ත ක්‍රියාවන් සැලසුම් කරන, සිදුකරන සහ අනුබල දෙන කිසිවකුට නීතියේ රැහැනින් මිදීයාමට කිසිඳු ඉඩක් නොමැති බව ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වීම සාමය ආරක්‍ෂා කිරීමේ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීමෙන් බැඳී සිටින සියලු නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක් බව ද එහි සඳහන් වේ.

රටේ සිදුවන සෙසු අපරාධ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් බුද්ධි තෙරතුරු සෙවීමට සම්බන්ධ රජයේ ආයතන කඩිනමින් එම අපරාධවල කතුවරුන් සොයා යන තත්ත්වයක් තිබියදී, 269 දෙනෙකු අමු අමුවේ ඝාතනය කර හා 300 කට වැඩි පිරිසක් ආබාධිතයින් සහ සදහටම ආරෝග්‍ය ශාලාවලට යන්නන් බවට පත් කළ ඒ මහා විනාශය සිදු කළ අය සොයන්නට සහ දඬුවම් දීමට වසර 2ක් ගත වී ඇතත් එය නොහැකි වීම ඇත්තෙන්ම පුදුමය දනවන ප්‍රෙහෙළිකාවක් බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23