රතු මුහුදට ගිය ශ්‍රී ලංකා නෞකා ගැන විපක්ෂ නායකට ප්‍රශ්නයක්

නාවික හමුදාවට අයත් යාත්‍රාවක් යේමනයේ පිටුබලය ලබන හවුති කැරලිකරුවන් වෙළඳ යාත්‍රාවලට එල්ල කරන ප්‍රහාර වැළැක්වීම සඳහා රතු මුහුදේ යෙදවීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද පාර්ලිමේන්තුවේදී පැහැදිළි කළා.

ඒ විපක්ෂ නායකවරයා විසින් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

රුපියල් මිලියන 250කට නාවික හමුදාවට අයත් යාත්‍රාවක් රතු මුහුදේ යෙදවීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා කනස්සල්ල පළ කළා.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු ප්‍රශ්න කළේ හවුති කැරලිකරුවන්ට එරෙහිව මෙහෙයුම්වල නිරත වීමෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්නයි.

විශේෂයෙන්ම රට පුරා විරැකියාව බහුලව පවතින අවස්ථාවක සහ කුඩා හා ක්ෂුද්‍ර පරිමාණ කර්මාන්තකරුවන් සියලු දෙනාම අනතුරට ලක්ව ඇති අවස්ථාවක, මෙතරම් විශාල මුදලක් වියදම් කිරීමෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද යන්න ඔහු ප්‍රශ්න කළා.

විපක්ෂ නායකවරයාට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ මෙම කරුණ ඇමරිකාවට හෝ ඊශ්‍රායලයට සම්බන්ධ දෙයක් නොවන බවත්, හවුති කැරලිකරුවන් විසින් වෙළඳ යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති වූ බලපෑම් හමුවේ ගත් පියවරක් බවයි.

ශ්‍රී ලංකාවට එන වෙළෙඳ යාත්‍රා රතු මුහුද මඟහැර දකුණු අප්‍රිකානු වෙරළ තීරය භාවිත කළහොත් එය භාණ්ඩ මිලෙහි දැඩි වැඩිවීමකට හේතු වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළා.

මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපාන බව ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්, ඒ සඳහා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් යෙදවීම සඳහා රජයෙන් විශේෂ වියදමක් නොදරන බව ද පැහැදිලි කළා.

ශ්‍රී ලංකාව අවට ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය, මිනිස් සහ ආයුධ ප්‍රවාහනය වැලැක්වීමේ මෙහෙයුම්වල කොටසක් ලෙස මෙවැනිම යාත්‍රා යෙදවීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බවයි ඔහු පෙන්වා දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13
Video thumbnail
වරායට ලැම්බෝගිනි 14ක් ඇවිත්..මම කියන්නේ නෑ අනුර ලොක්කගේ කියලා ඒවා..
02:43
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39