වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි අයෙක් බලපිටිය රෝහලේ දී කතකගේ රන් භාණ්ඩ සොරාගෙන

වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින්, බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයෙක් බැලීමට පැමිණි කාන්තාවකගේ රන් ආභරණ සොරකම් කළ පුද්ගලයෙක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

අදාළ කාන්තාව ඊයේ (07) නේවාසිකව ප්‍රතිකාර ලබන පියාව බැලීමට බලපිටිය රෝහලට පැමිණ ඇති අතර, එහිදී වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි සැකකරු පවසා ඇත්තේ පියාට අසාධ්‍ය බැවින් ලේ ලබාදිය යතු බවයි.

ඊට අදාළ කාන්තාව කැමැත්ත පළකර ඇති අතර, එහිදී ඇයව ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුකළ යුතු බවයි පවසා ඇත්තේ.

ඒ, සඳහා සූදානම් වීමට පැළඳසිටින රන් ආභරණ ගලවා අත්බෑගයට දමන පවසා ඇති සැකකරු අනතුරුව එම බෑගය ආරක්ෂිත ස්ථානයක තැබීමට රැගෙන යන ලෙස පවසමින් එය රැගෙන පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

මේ පිළිබඳව සැකසිතී අදාළ කාන්තාව ඔහු සම්බන්ධයෙන් සොයාබලා ඇති අතර, එහිදී අත්බෑගයට දැමූ අරන් ආභරණ රැගෙන බෑගය වාට්ටුව අසල දමා ගොස් තිබිය දී හමුව තිබෙනවා.

පසුව අනාවරණය වී ඇත්තේ වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයා රෝගියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ වෛද්‍යවරුන්ට පවසා ඇත්තේ තමන් රෝගියාගේ පුතා බවයි.

මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඉල්ලා අස්වෙන්නේ නැත්තම් ජනපතිට තීන්දුවක් ගන්න වෙනවා
05:47
Video thumbnail
ලක්මාලි හර්ෂ එක්ක ගේම ඉල්ලයි - ඔයාලා කරලා තියෙනවද..?
02:13
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් CIDයට පැමිණිල්ලක්.."ඩෝබිලා එකතුවෙලා දිගට හරහට මට ග#නවා"
18:32
Video thumbnail
ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයින් දෙන්නෙක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
11:11
Video thumbnail
ආණ්ඩුවේ හොරකම චානක හෙළිකරයි
08:27
Video thumbnail
ලන්සි පැපොල් ඇමතිතුමිය ගෙදර යවන්න හැමෝම එකතුවෙමු
14:44
Video thumbnail
පාසල්වලින් මුදල් එකතුකරන එක වහාම නවත්වන්න - ස්ටාලින්ගෙන් හෙළිදරව්වක්
10:58
Video thumbnail
නුසුදුසු වෙබ් අඩවියක් පළවීමේ වැරැද්ද රජය භාරගන්නවා..අපි පළා යන්නේ නෑ
02:44
Video thumbnail
ග්‍රෙගරි වැවට ගුවන් යානයක් කඩා වැ#යි..බේරගන්න..බේරගන්න..නියමුවන් දෙදෙනා සැනින් රෝහලට
03:45
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය - කෙඳිරි ගාන්න එපා
08:59


?