වසරකට වැඩි කාලයකට පසු කෝලි සහ ශර්මා ඉන්දීය විස්සයි විස්ස සංචිතයට

සංචාරක ඇෆ්ගනිස්ථානය සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ඉන්දීය සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

රෝහිත් ශර්මා සහ විරාට් කෝලි මෙම සංචිතයට නම්කර ඇති අතර, ඔවුන් දෙදෙනා විස්සයි විස්ස සංචිතයකට එක්කර ඇත්තේ 2022 වසරේ නොවැම්බර් මාසයෙන් පසුවීම විශේෂත්වයක්.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය රෝහිත් ශර්මාට හිමිව තිබෙනවා.

රෝහිත් ෂර්මා (නායක), ශුබ්මන් ගිල්, යෂස්වි ජයිස්වාල්, විරාට් කෝලි, තිලක් වර්මා, රින්කු සිං, ජිතේෂ් ෂර්මා, සංජු සැම්සන්, ශිවම් ඩුබේ, වොෂින්ටන් සුන්දර්, අක්සාර් පටෙල්, රවී බිෂ්නෝයි, කුල්දීප් යාදව්, අර්ෂ්දීප් සිං, අවිශ් ඛාන්, මුකේෂ් කුමාර් ඉන්දීය සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින්.

ඇෆ්ගනිස්ථානය සමඟ විස්සයි විස්ස තරගාවලිය මේ මස 11 වනදා ආරම්භ වන අතර එහි දෙවන සහ තුන්වන තරග ලබන 14 සහ 17 යන දිනවල දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ලබන ජුනි මාසයේ ඇරඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර ඉන්දියාව එක්වන අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලිය මෙය වන අතර, ඉන් පසුව 2024 අයි.පී.එල් තරගාවලිය ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20