උතුරු පළාතේ ව්‍යාපාරික ගැටළුවලට ඉදිරි මාස දෙක තුළ විසඳුම්

උතුරු පළාතේ ව්‍යාපාරිකයන් මුහුණ දී සිටින ගැටළුවලට ඉදිරි මාස දෙක තුළ විසඳුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් ඉදිරි සති 02 තුළ උතුරට පැමිණ ඒ පිළිබඳ සොයා බලනු ඇති අතර උතුරු පළාතේ ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටළු විසඳීම සඳහා ක්‍රියාකාරී ආයතනයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්, ධීවර සහ ගොවි ප්‍රජාව සමඟ අද (06) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

උතුරු පළාතේ කර්මාන්ත කරුවන්, ධීවර ප්‍රජාව සහ ගොවි ජනතාව 300ක පමණ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර තම කර්මාන්ත ආශ්‍රිතව මතුව ඇති ගැටලු හා නව යෝජනා ඔවුන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළා.

එම සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතැම් ගැටළුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

උතුරු පළාතට කර්මාන්ත කලාපයක් ලබා දෙන ලෙස මෙහිදී කර්මාන්තකරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී අතර ඊට අවශ්‍ය භූමි ප්‍රදේශයක් සොයා බලන ලෙසටයි ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේ.

එසේම පළාත් ව්‍යාපාර ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් උතුරු පළාතට කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

උතුරු පළාත ජාතික ආර්ථිකයට සක්‍රීයව දායක කරගැනීම සඳහා ව්‍යාපාර සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අදාළව මතුව ඇති ගැටළු කඩිනමින් නිරාකරණය කරන ලෙස නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබුවා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය අතර හමුවක් ද අද (06) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වුණා.

යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්. ශ්‍රී සට්කුනරාජා මහතා ප්‍රමුඛ එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වරුන් ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩල මීට එක්ව සිටී අතර යාපනය විශ්වවිද්‍යාලයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් වූ සංවර්ධන සැලැස්ම ද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

නවීන තාක්ෂණ සමඟ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වවිද්‍යාල සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රවර්ධනය කිරීමට විශේෂ අවධානය යොමු කර කටයුතු කිරීමේ වැදගත්කමද අවධාරණය කළා.

එහිදී පවතින මානව සම්පත් හිඟය මඟහරවා ගැනීම වෙනුවෙන් දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද යොදා ගැනීමට ඇති හැකියාවත්, අවශ්‍ය නම් ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු ලෙස කටයුතු කර විශ්‍රාම ලැබූ ඩයස්පෝරා සාමාජිකයන්ගේ ද සහාය ලබා ගැනීමේ හැකියාවත් ජනාධිපතිවරයා පැහැදිළි කර තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයාදීමට කටයුතු කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම ඉන්දියාව සහ එක්සත් ජනපදය වැනි රටවල විශ්වවිද්‍යාල සමග කථිකාචාර්යවරුන් හුවමාරු කර ගැනීමේ වැඩසටහන්වලට එළැඹිමේ හැකියාව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවා.

විදේශීය සිසුන්ද ආකර්ශණය කර ගත හැකි පරිදි මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම රජයේ අරමුණ වන අතර නව විශ්වවිද්‍යාල ද ස්ථාපිත කිරීමෙන් පසුව ඉදිරියේදී මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පරිවර්තනීය වෙනසක් ඇති වනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51