සරම්ප අතිරේක මාත්‍රාවක් ලබාදීමේ විශේෂ වැඩසටහන අද සිට (වීඩියෝ)

සරම්ප අතිරේක මාත්‍රාවක් ලබාදීම සඳහාවන විශේෂ වැඩසටහන අද (06) දිනයේ සිට ආරම්භ වනවා.

ඒ, අනුව දිස්ත්‍රික්ක 04ක මෙම වැඩසටහන ආරම්භ කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අතිරේක සරම්ප මාත්‍රාවක් ලබාදීම අනුමත කර ඇති පසුබිමකයි.

සරම්ප අතිරේක එන්නත් මාත්‍රාව ලබාදීම තුළින් දරුවන්ගේ සාමාන්‍ය එන්නත්කරණ ක්‍රියාවලියට කිසිඳු ආකාරයේ බලපෑමක් සිදුනොවන බවත්, එයින් දරුවන්ට වාසියක් පමණක් හිමිවන බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

දරුවන් අතර පසුගිය කාලයේ සරම්ප රෝගය පැතිරීමේ යම් වැඩිවීමක් පෙන්නුම් කළා.

මෙය වෛරසයක් මඟින් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් බව ද පෙන්වා දෙන සෞඛ්‍ය අංශ මෙය ඇති වූ අවස්ථාවේ ම සහ වසර ගණනාවකට පසුව ද සංකූලතා ඇතිවිය හැකි බවයි පවසන්නේ.

වයස අවුරුද්දට වඩා අඩු දරුවන්ට මෙම රෝගය හේතුවෙන් සංකූලතා ඇතිවීමේ හැකියාව ඉතාම වැඩි බවත්, ඇතැම්විට මෙම රෝගයේ සංකූලතා සතියක් දෙකක් පැවතිය හැකි බව ද එම අංශ සඳහන් කරනවා.

සරම්ප රෝගය සම්පූර්ණයෙන්ම සමනය වුව ද ඇතැම් දරුවන්ට වසර කිහිපයකට පසු මොළයේ ආබාධ තත්ත්වයන් ඇතිවිය හැකි බව ද මෙය ඉතාම දරුණු වී මරණයට පත්විය හැකි බව ද වෛද්‍ය විශේෂඥයින් අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?