ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ අද 2024 අවුරුද්දේ වැඩ අරඹයි

ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය අද (06) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පස්වරු 2.30ටයි.

මෙම තරගාවලිය තුළ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර, ඔහු ශ්‍රී ලංකා එක්දින පිළේ නිත්‍ය නායකත්වයට පත්ව මෙහෙයවනු ලබන පළමු තරගාවලිය ද මෙය වනවා.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ක්‍රේග් අර්වින් විසින්.

දෙරට අතර පවත්වා ඇති අවසන් එක්දින පහෙන් තරග 04ක ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වූ අතර සිම්බාබ්වේ කණ්ඩායමට ජයගත හැකි වූයේ එක් තරගයක් පමණයි.

මේ අතර ශ්‍රී ලංකා සංචිතයට නම්කර සිටි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඩෙංගු ආසාදනය වීමත් සමඟ මෙම එක්දින තරගාවලිය ඔහුට අහිමිව ගියා.

පැතුම් නිස්සංකගේ ඉවත්වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරණ භූමිකාව සඳහා යොවුන් ක්‍රීඩක ශෙවෝන් ඩැනියෙල් කැඳවීමටයි ඊයේ (05) කටයුතු කළේ.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග එක්දින සංචිතය සඳහා නම්කර සිටිය ද පළමු සහ දෙවන එක්දින තරග සඳහා ඔහු ක්‍රීඩා නොකරන බවට තොරතුරු වාර්තා වුණා.

මේ අතර උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පත්වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු ජාත්‍යනතර තරගාවලිය ද මෙය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13