හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේරත් කුමාර ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ප්‍රශ්න සහගත ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර ගුප්ත ද මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

මෙම ඖෂධ වංචාව සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන් සංඛ්‍යාව 7ක්.

අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයා ද ඊට අයත්. මෙම සැකකරුවන් අතර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ සැපයුම්කරු ද සිටින බවයි අනාවරණ වී ඇත්තේ.

2022 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ලියාපදිංචියකින් තොරව ප්‍රසම්පාදන ක්‍රියාවලියට මෙම ඖෂධය ආනයනය කළ සමාගම ඇතුළත්වී ඇති අතර හිටපු සෞඛ්‍ය ලේකම්වරයා මෙම ඖෂධය ගෙන්වීමට අනුමැතිය ලබාදී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

2023 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම ඖෂධය ගෙන්වීම සඳහා අදාළ මුදල්වලින් රුපියල් මිලියන 40ක් ගෙවා දැමීමටද වෛද්‍ය සැපයුම් ඒකකය කටයුතු කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
12
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මතු ආත්මෙකදි මගේ අම්මට මෙහෙම වෙන්න එපා" තෙමගුල සිහි කරමින් පැවැත්වූ හිස කෙස් දන්දීමේ දුර්ලභ පින්කම
09:12
Video thumbnail
අටමස්ථානයේ වැරැද්දක් වෙලා - වැරදි නොවෙන්නේ කාගෙ අතින්ද ?මේ පොඩි දෙයක්නේ - කළබලවෙන්න ඕනි නෑ
08:58
Video thumbnail
මෙලෝ අත්දැකීමක් නැති හිඟන්නු - කොහෙවත් ඉන්න එවුන්ට තියෙන රුදාව මොකක්ද ?
06:59
Video thumbnail
තව දුරටත් කතා කර කර ඉන්න ඕනිද ? - ඇමති පෝල්රාජ්ගෙන් සැර කතාවක් - දැඩි තීන්දු ගන්න ඕනි
04:33
Video thumbnail
අසනීප වූ මගියෙක් රැගෙන රෝහලට ගිය බස් රියදුරා - ඒ මනුස්සකමට..එකෙන්ම Respect..!
00:55
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46