spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේරත් කුමාර ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ප්‍රශ්න සහගත ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර ගුප්ත ද මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

මෙම ඖෂධ වංචාව සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන් සංඛ්‍යාව 7ක්.

අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයා ද ඊට අයත්. මෙම සැකකරුවන් අතර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ සැපයුම්කරු ද සිටින බවයි අනාවරණ වී ඇත්තේ.

2022 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ලියාපදිංචියකින් තොරව ප්‍රසම්පාදන ක්‍රියාවලියට මෙම ඖෂධය ආනයනය කළ සමාගම ඇතුළත්වී ඇති අතර හිටපු සෞඛ්‍ය ලේකම්වරයා මෙම ඖෂධය ගෙන්වීමට අනුමැතිය ලබාදී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

2023 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම ඖෂධය ගෙන්වීම සඳහා අදාළ මුදල්වලින් රුපියල් මිලියන 40ක් ගෙවා දැමීමටද වෛද්‍ය සැපයුම් ඒකකය කටයුතු කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
12
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?