වයඹ පළාතේ පාසල්වල ගුරුවරුන්ට තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
මෙම චක්‍රලේඛය ජනවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මක කරන බවයි වයඹ ප්‍රධාන අමාත්‍යාංශ සහ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නයනා කාරියවසම්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.
චක්‍රලේඛය වයඹ පළාත් පාසල්වල සියලුම විදුහල්පතිවරුන් වෙත මේ වනවිට නිකුත් කර ඇති බව ද සඳහන්.
එම චක්‍රලේඛය කඩකරමින් කටයුතු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව නොපමාව පියවර ගැනීමට සිදුවන බව ද එම නිවේදනයෙහි සඳහන් කර තිබෙනවා.
නිසි පරිදි චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පැවරෙනු ඇති.
මෙම පැමිණිලිවලට අනුව, ඇතැම් ගුරුවරුන් තම රාජකාරි කාල සීමාව තුළදී පන්තියේ ඉගැන්වීම් කටයුතු නිසි පරිදි සිදු නොකරන බව ද එලෙස රාජකාරි මඟ හරිමින් තම පෞද්ගලික පන්ති හා සම්මන්ත්‍රණ සඳහා සහභාගි නොවන පන්තියේ සිසුන්ව නොසලකා හරිමින් විවිධ බලපෑම් එල්ල කිරීම නිසා එම සිසු දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවට වාර්තා ලැබී ඇති බව ද ලේකම්වරිය ප්‍රකාශ කළා.














සියලු පළාත්වල මෙය ක්‍රියාත්මක කල යුතුයි. මා දන්නා තරමින් ඌව පළාතත් මෑතකදී මේ තීරනය ගත්තා. ඇයි මධ්‍යම රජයට මේ තීන්දුව ගන්න බැරි. කොහොමත් රජයෙන් නොමිලේ උගන්වන අනිවාර්ය විශයන් වලට මුලුරටේම ටිඋශන් සම්පූර්ණයෙන්ම තහනම් කල යුතුමයි. ඒ තුලින් තමයි අන්වශ්‍ය අධ්‍යාපන තරගය නැතිකල හැක්කේ.රජය මේ සන්දහා මැදිහත්විය යුතුමයි.