වයඹ පාසල් ගුරුවරුන්ට උපකාරක පන්ති තහනම්

වයඹ පළාතේ පාසල්වල ගුරුවරුන්ට තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙම චක්‍රලේඛය ජනවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මක කරන බවයි වයඹ ප්‍රධාන අමාත්‍යාංශ සහ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නයනා කාරියවසම්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

චක්‍රලේඛය වයඹ පළාත් පාසල්වල සියලුම විදුහල්පතිවරුන් වෙත මේ වනවිට නිකුත් කර ඇති බව ද සඳහන්.

එම චක්‍රලේඛය කඩකරමින් කටයුතු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව නොපමාව පියවර ගැනීමට සිදුවන බව ද එම නිවේදනයෙහි සඳහන් කර තිබෙනවා.

නිසි පරිදි චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පැවරෙනු ඇති.

මෙම පැමිණිලිවලට අනුව, ඇතැම් ගුරුවරුන් තම රාජකාරි කාල සීමාව තුළදී පන්තියේ ඉගැන්වීම් කටයුතු නිසි පරිදි සිදු නොකරන බව ද එලෙස රාජකාරි මඟ හරිමින් තම පෞද්ගලික පන්ති හා සම්මන්ත්‍රණ සඳහා සහභාගි නොවන පන්තියේ සිසුන්ව නොසලකා හරිමින් විවිධ බලපෑම් එල්ල කිරීම නිසා එම සිසු දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවට වාර්තා ලැබී ඇති බව ද ලේකම්වරිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
4
+1
24
+1
1
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆොටෝ ටිකක් පෙන්නලා චිත්‍රාල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
05:48
Video thumbnail
ඔරුගොඩවත්ත හංදියේ කන්ටේනරයක් මහ පාරේ පෙරළෙයි
00:27
Video thumbnail
රෝමයේ තියෙන තානාපති කාර්යාලයේ වැසිකිළිය ගැන කිව්ව හෙක්ටර් - දැක්කම දුක හිතෙයි
04:25
Video thumbnail
ගොවියා මඩ සෝදාගෙන ගොඩට එනවට මේ ආණ්ඩුව කැමති නෑ
10:25
Video thumbnail
ඔරුගොඩවත්ත හංදියේ කන්ටේනරයක් මහ පාරේ පෙරළෙයි
00:49
Video thumbnail
ගොවියන් වෙනුවෙන් පෙරට ආ විපක්ෂ නායක - ගොවි රජා ඡන්දෙන් පසු කසිප්පුකාරයා වුණා..Artificial ගොවියලු
10:07
Video thumbnail
ග්‍රෑන්ඩ්පාස් ලොකු නෝනාගේ රු කෝටි 5.7ක දේපළ තහනම් කරයි
06:13
Video thumbnail
ලාල්කාන්තට සීනි හැදිලද දන්නේ නෑ ? මුන් මා#නසික ලෙඩ්ඩු ?අපි ආවේ මීහ#ක් හතර දෙනෙකුගේ මොළේ පාදන්න
06:09
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
01:08
Video thumbnail
කවුද කෙඳිරි ගාන්නේ කියලා ඉස්සරහට බලාගන්න පුළුවන්
03:08