ප්‍රංශයේ සහ ජර්මනියේ ආරක්ෂාව දැඩි කරයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමේ අවදානමක් මතුව ඇති බවට ලැබුණු අනතුරු ඇඟවීමෙන් අනතුරුව ප්‍රංශය සහ ජර්මනිය අලුත් අවුරුදු උත්සවයට පෙර ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජර්මානු නගරයක් වන කොලෝන් නගරයේ අලුත් අවුරුදු උදාවේදී ඉස්ලාමීය කන්ඩායම් නගරයේ සුප්‍රසිද්ධ දෙව්මැදුරට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ලැබුණු වාර්තාවකින් පසුවයි පොලිසිය සිය හමුදා ශක්තිමත් කර ඇත්තේ.

පසුගිය වසරේ බර්ලිනයේ පැවති අලුත් අවුරුදු උත්සවය ප්‍රචණ්ඩ කෝලාහල බවට පත්වීමෙන් පසු ආරක්ෂාව වැඩි කිරීමට තීරණය කෙරුණා.

පොලිස් නිලධාරීන් සහ ගිනි නිවන භටයන් ඇතුළු කිහිප දෙනෙකු එහිදී තුවාල ලැබූ අතර ඔවුන් පැවසුවේ කිසියම් පිරිසක් විසින් ගිනිකෙළි හිතාමතාම ඔවුන් වෙත එල්ල කළ බවයි.

මේ අතර, ප්‍රංශය ඉතා ඉහළ ත්‍රස්තවාදී තර්ජනයකට මුහුන දී සිටින බැවින් නිලධාරීන් 90,000ක් යොදවනු ඇති බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩාර්මනින් සිකුරාදා සඳහන් කළා.

යුරෝපය ඉලක්ක කර ගනිමින් ත්‍රස්තවාදී තර්ජන ඉහළ යාමත් සමගයි ආරක්ෂාව දැඩි කිරීමට ප්‍රංශය තීරණය කර ඇත්තේ.

2024 වසර ඉලක්ක කර ගනිමින් රට පුරා සැමරුම් උත්සව පැවැත්වෙන අතර එම උත්සවවලට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතින බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා.

පැරිස් අගනුවර ආරක්ෂාව සදහා පමණක් 6,000ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ඩ්‍රෝන යානා ද නිරීක්ෂණ කටයුතු සදහා යොදවා ඇති අතර ගිනි නිවන භටයින් සිය ගණනක් සහ හමුදා භටයින් 5,000ක් පමණ ආරක්ෂාවට යොදාව ඇති බව ද සඳහන්.

නව වසරේ උදාව සැමරීම සදහා ප්‍රංශයේ පැරිස් අගනුවරට මිලියන 1.5ක පමණ පිරිසක් රැස්වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ත්‍රස්තවාදී තර්ජන හැරුණු විට ප්‍රංශයේ සම්ප්‍රදායිකව අලුත් අවුරුදු පැමිණීම සමරන විට කුඩා වැරදි, විශේෂයෙන් මෝටර් රථ ගිනි තැබීම් වැනි සිදුවීම්වල ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ 2021 වසරේ දෙසැම්බර් 31 වනදා මෝටර් රථ 874ක් ගිනි තබා ඇති අතර 2022 වසරේ දෙසැම්බර් 31 වනදා මෝටර් රථ 690ක් පුළුස්සා දමා ඇති බවයි.

ප්‍රංශය, ජර්මනිය සහ ඔස්ට්‍රියාව ඇතුළු රටවල් නත්තල් උත්සවයට පෙරාතුව පල්ලි සඳහා ද ආරක්‍ෂාව වැඩි කර තිබෙනවා.

මෙම දෙසැම්බර් මාසය මුලදී, යුරෝපීය භූමියට ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කළ බවට සැක කෙරෙන හමාස් සාමාජිකයින් සිව් දෙනෙකු ජර්මානු බලධාරීන් විසින් අත්අඩංගුවට ද ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?