හරිතාගාරයක සරුවටම කරගෙන ගිය ගංජා වගාව

වෙන්නප්පුව – බෝතලේගම ප්‍රදේශයේ පොල් වත්තක් තුළ පවත්වා ගෙන ගිය දෙමුහුන් ගංජා වගාවක් පොලිසිය කළ වැටලීමකදී සොයාගෙන තිබෙනවා.

කොස්වත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසිනුයි ඊයේ මෙම වැටලීම සිදුකර ඇත්තේ.

සකස් කරන ලද හරිතාගාරයක් තුළ මෙම ගංජා වගාව පවත්වා ගෙන ගොස් තිබූ අතර එහි තිබී සරුවට වැවුණු ගංජා පැල 200ක් සොයාගෙන තිබෙනවා.

කාබනික පොහොර යොදා රෝපණය කර තිබූ ගංජා පැල අඩි දෙක හමාරක් පමණ උසට වැවී තිබූ බව සඳහන්.

ගංජා වගාව පවත්වා ගෙන ගිය බව කියන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කලක් යුක්‍රේනයේ සේවය කර ඇති අයෙක් වන අතර තමා විවාහ වී සිටින්නේ යුක්‍රේන ජාතික කාන්තාවක් සමග බවත් එකම,දරුවා දැනට ජීවත් වන්නේ ද ඇය සමග බව සැකකරු පොලිසිය හමුවේ පවසා ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.

අක්කර 6 හමාරක් පමණ විශාල පොල් ඉඩමක් තුළ ඉතා සූක්ෂම ආකාරයට මෙම ගංජා වගාව පවත්වා ගෙන ගොස් තිබෙනවා.

එම වත්තේ ආරක්ෂාවට විශාල ගේට්ටු යොදා තිබූ අතර විදෙස් රටවල්වලින් මෙරටට ගෙනවිත් ඇති සුනඛයින් ද එම ස්ථානයේ සිටි බව සඳහන්.

විදෙස් රටවල් වලින් මෙරටට ගෙන එන ලද බීජ රෝපණය කර මෙම වගාව ආරම්භ කළ බව සැකකරු පොලිසියට පවසා තිබෙනවා.

එමෙන්ම තමන් මෙම ගංජා වගා කර ඇත්තේ පුද්ගලික සහ මිතුරන්ගේ පරිහරණය සඳහා පමණක් බවයි සැකකරු පවසා ඇත්තේ.

සැකකරු කාලය සිට තම ඉඩමේ මේ ආකාරයට රහසිගතව ගංජා වගා කර ව්‍යාපාරයක් ලෙස සිදු කර ඇති බවට පොලිසිය සැක කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ගංජා පැල තොගය මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56