ඊයේ (28) අලුයම 12.30 සිට අද (29) අලුයම 12.30 දක්වා පැය 24ක කාලය තුළ සිදුකළ ‘යුක්තිය’ විශේෂ පොලිස් මෙහෙයුමේ දී පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 1467 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් 56 දෙනෙක් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 51 දෙනෙක් පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 164 දෙනෙකු ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර එම පැය 24ක කාලය තුළ සිදුකළ මෙහෙයුමේ දී හෙරොයින් ග්‍රෑම් 460ක්, අයිස් ග්‍රෑම් 653ක්, ගංජා කිලෝ 03යි ග්‍රෑම් 637ක්, ගංජා පැල 103,793ක්, මාවා ග්‍රෑම් 342ක්,මත් පෙති 562ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.














Moratu mulla policeya nidi athdakemen kiyanne walana police eddi msg yanawa lassanata moratu mulle policiyen eee ee uththama purushayanta🤣🤣🤣