සිය පෙම්වතිය හමුවීමට නත්තල් දේව මෙහෙය පැවැත්වෙන අතර තුර කතෝලික දේවස්ථානයක් ආසන්නයේ රැඳී සිටි බව කියන මුස්ලිම් ජාතික තරුණයෙක් සහ ඔහුගේ මිතුරෙකු මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (25) අලුයම එකට පමණ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බත්තුළුඔය, පුදුකුඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි වියේ පසුවන තරුණයින් දෙදෙනෙක්.
මුන්දලම – කුඩිරිප්පුව ශුද්ධවු සාන්තියාගෝ මුනිඳු දේවස්ථානය ආසන්නයේ දී මොවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් පැමිණි බව කියන යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
දේවස්ථානය ආසන්නයේ සැකකටයුතු ලෙස තරුණයින් දෙදෙනෙකු ගැවසෙන බව එම ස්ථානයේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණ වී ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
තමන් මාස 06ක පමණ කාලයක සිට කීරියන්කල්ලිය ප්‍රදේශයේ පදිංචි තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවත්, ඇය දේවස්ථානයට පැමිණිනෙන බව සිදුකළ දැනුම්දීමකට අනුව ඇයව හමුවීමට දේවස්ථානය අසලට පැමිණි බවයි අත්අඩංගුවට ගැනුණු තරුණයෙක් පවසා ඇත්තේ.
සැකකරුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරන බව මුන්දලම පොලීසිය පවසනවා.













