පෙම්වතිය හමුවන්න මහ රෑ දේවස්ථානය අසළ කැරකුනු පෙම්වතා අත්අඩංගුවේ

සිය පෙම්වතිය හමුවීමට නත්තල් දේව මෙහෙය පැවැත්වෙන අතර තුර කතෝලික දේවස්ථානයක් ආසන්නයේ රැඳී සිටි බව කියන මුස්ලිම් ජාතික තරුණයෙක් සහ ඔහුගේ මිතුරෙකු මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (25) අලුයම එකට පමණ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බත්තුළුඔය, පුදුකුඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි වියේ පසුවන තරුණයින් දෙදෙනෙක්.

මුන්දලම – කුඩිරිප්පුව ශුද්ධවු සාන්තියාගෝ මුනිඳු දේවස්ථානය ආසන්නයේ දී මොවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් පැමිණි බව කියන යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

දේවස්ථානය ආසන්නයේ සැකකටයුතු ලෙස තරුණයින් දෙදෙනෙකු ගැවසෙන බව එම ස්ථානයේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණ වී ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

තමන් මාස 06ක පමණ කාලයක සිට කීරියන්කල්ලිය ප්‍රදේශයේ පදිංචි තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවත්, ඇය දේවස්ථානයට පැමිණිනෙන බව සිදුකළ දැනුම්දීමකට අනුව ඇයව හමුවීමට දේවස්ථානය අසලට පැමිණි බවයි අත්අඩංගුවට ගැනුණු තරුණයෙක් පවසා ඇත්තේ.

සැකකරුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරන බව මුන්දලම පොලීසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ සී.බී - ඇතුළට දාලා ඔයිට වැඩිය දේවල් කළා
01:47
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22