මහනුවර අවුරුදු 16ට අඩු ගැහැණු ළමයින් 132ක් දූෂණයට ලක්වෙලා

මහනුවර කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ 17කින් 2020 වසරේ සිට 2022 දක්වා වූ වසර තුනේ දී වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමුන් 132 දෙනෙකු දූෂණයට ලක්ව තිබෙන බවට තොරතුරු වාර්තාවී ඇතැයි මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය නීතීඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසනවා.

පොලිසියට වාර්තා නොවන සිදුවීම් ද සැලකීමේ දී මෙම අගය දෙතුන් ගුණයකින් ඉහළ යනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පොලිස් ස්ථාන 17කට වාර්තා වූ ස්ත්‍රී දූෂණ 132න් 15ක් ගැහැණු ළමයාගේ අකමැත්ත මත සිදුව තිබෙන බව ද සඳහන්.

වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමයින් බහුතරයක් දූෂණයට ලක්වන්නේ තම කැමැත්ත මත බවට මෙම තොරතුරු අනුව පෙනී යන බැවින් මෙය ඉතා භයානක තත්ත්වයක් බව හෙතෙම අවධාරණය කළා.

2021 වසරේදී වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු ළමුන් 79 දෙනෙකු ද 2022 වසරේදී 93 දෙනෙකු ද මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය වෙත පොලිස් ස්ථාන මගින් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.

මෙරට පොලිස් ස්ථාන වෙත 2018 වසරේ සිට 2021 වසර දක්වා වයස අවුරුදු 16ට අඩු ගැහුණු ළමුන් දූෂණයට ලක්වීමේ සිදුවීම්වලට අදාළ පැමිණිලි 6307ක් ලැබී ඇතැයි සඳහන්.

ඉන් සිදුවීම් 5055ක්ම සිදුව ඇත්තේ ගැහැණු ළමයා ගේ කැමැත්ත මත බවට පොලිස් වාර්තා මගින් පෙන්වා දෙන බව සුබසිංහ මහතා ප්‍රකාශ කළා.

වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියේ බාල වයස්කාර දැරියන් සම්බන්ධයෙන් දෙමව්පියන් මීට වඩා දැඩි අවධානය යොමු කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?