මහනුවර අවුරුදු 16ට අඩු ගැහැණු ළමයින් 132ක් දූෂණයට ලක්වෙලා

මහනුවර කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ 17කින් 2020 වසරේ සිට 2022 දක්වා වූ වසර තුනේ දී වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමුන් 132 දෙනෙකු දූෂණයට ලක්ව තිබෙන බවට තොරතුරු වාර්තාවී ඇතැයි මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය නීතීඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසනවා.

පොලිසියට වාර්තා නොවන සිදුවීම් ද සැලකීමේ දී මෙම අගය දෙතුන් ගුණයකින් ඉහළ යනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පොලිස් ස්ථාන 17කට වාර්තා වූ ස්ත්‍රී දූෂණ 132න් 15ක් ගැහැණු ළමයාගේ අකමැත්ත මත සිදුව තිබෙන බව ද සඳහන්.

වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමයින් බහුතරයක් දූෂණයට ලක්වන්නේ තම කැමැත්ත මත බවට මෙම තොරතුරු අනුව පෙනී යන බැවින් මෙය ඉතා භයානක තත්ත්වයක් බව හෙතෙම අවධාරණය කළා.

2021 වසරේදී වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු ළමුන් 79 දෙනෙකු ද 2022 වසරේදී 93 දෙනෙකු ද මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය වෙත පොලිස් ස්ථාන මගින් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.

මෙරට පොලිස් ස්ථාන වෙත 2018 වසරේ සිට 2021 වසර දක්වා වයස අවුරුදු 16ට අඩු ගැහුණු ළමුන් දූෂණයට ලක්වීමේ සිදුවීම්වලට අදාළ පැමිණිලි 6307ක් ලැබී ඇතැයි සඳහන්.

ඉන් සිදුවීම් 5055ක්ම සිදුව ඇත්තේ ගැහැණු ළමයා ගේ කැමැත්ත මත බවට පොලිස් වාර්තා මගින් පෙන්වා දෙන බව සුබසිංහ මහතා ප්‍රකාශ කළා.

වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියේ බාල වයස්කාර දැරියන් සම්බන්ධයෙන් දෙමව්පියන් මීට වඩා දැඩි අවධානය යොමු කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15