උත්සව සමයේ විදුලිය සම්බන්ධව සතුටුදායක පුවතක් (වීඩියෝ)

එළැඹෙන උත්සව සමයේ අත්‍යවශ්‍ය නොවන සියලු විදුලි විසන්ධිකිරිම් අත්හිටූවීමට අමාත්‍ය කංචන විජේසේකර විසින් විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. අනවශ්‍ය ලෙස සති අන්තය නඩත්තු කටයුතු සඳහා යොදා ගැනීම හේතුවෙන් අතිකාල ගෙවීමට විශාල මුදලක් වැය වන බවට අනාවරණය වී ඇති බවද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

සති අන්තයේ සහ නිවාඩු කාලය තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය නොවන නඩත්තු කටයුතු සඳහා සැලසුම් කර ඇති සියලුම විදුලි විසන්ධි කිරීම් අත්හිටුවන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර
මහතා ලංවිමට උපදෙස් ලබා දි තිබෙනවා.

ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ නඩත්තු කටයුතු සඳහා නිතර විදුලිය ඇනහිටීම් සිදුවන බවට විදුලි පාරිභෝගිකයන්ගෙන් ලැබුණු පැමිණිලි සමාලෝචනය කිරීමෙන් අනතුරුව අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇති බවයි.

එමෙන්ම සති අන්තයේ නඩත්තු කටයුතු යොදාගැනීම නිසා අනවශ්‍ය ලෙස විදුලිය විසන්ධිවීම් සිදුවන අතර ඒ සම්බන්ධයෙන්අමාත්‍යාංශය විසින් නිරීක්ෂණයක්ද සිදු කර තිබෙනවා.

එමඟින් විදුලිබල මණ්ඩලයට අතිකාල ගෙවීම් සඳහා විශාල මුදලක් වැය වන බවද එහි සදහන්.

ea7387e7 e938 4606 9515 40007911ef1b
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?