බිරිද සමග ඇති කරගත් ආරවුලකින් අනතුරුව තම නිවසට ගිනි තබා හානි කළ බව කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
22 වැනිදා සවස මෙම ගිනි තැබීම සිදු කර ඇති අතර ආරච්චිකට්ටුව – ආනවිළුන්දාව,ජයරත්න පුර ප්රදේශයේ නිවසක් මෙසේ ගිනි තබා හානි කර තිබේ.
පවුල් ආරවුලක් මත අඹු – සැමියන් අතර බහින් බස්වීමක් සිදුවී ඇති බවත්, සැමියා විසින් නිවසට ගිනි තබා ඇත්තේ ඉන් අනතුරුව බවත් පොලීසිය කියයි. ගිනි තැබීම හේතුවෙන් නිවසට සහ එහි තිබූ ගෘහ භාණ්ඩ වලට හානි සිදු වී ඇති නමුත් ජීවිත හානි සිදුවී නැත.සිදුවී ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නැත.
ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
1
+1
1
+1
1
+1
+1
1




