පාසල් දරුවන්ට අසභ්‍ය චිත්‍රපට පෙන්වූ බව කියන පාසල් ගුරුවරයෙකුව 22 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය සදහන් පවසයි.
ළමා හා කාන්තා කාර්යංශයේ මුලස්ථානයට ලැබී ඇති පැමිණිල්ලක් අනුව කරන ලද දැණුම් දීමක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව ප්‍රදේශයේ පාසලක සේවය කරමින් සිටි ගුරුවරයෙකුවය.ඔහු මදුරන්කුලිය – තොඩුවාව පදිංචි 29 හැවිරිදි අයෙකි.
සැකකරු තමන්ගේ ජංගම දුරකතනයෙන් පාසල් දරුවන්ට අසභ්‍ය චිත්‍රපට පෙන්වන බවට ප්‍රදේශවාසියෙකු විසින් ළමා හා කාන්තා කාර්යංශ මුලස්ථානයට පැමිණිළී කර ඇත.ඒ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙස ළමා හා කාන්තා කාර්යංශය වනාතවිල්ලුව පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ ඒ අනුවය.
සැකකරු 23 වැනිදා පුත්තලම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.




