නත්තල් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

නත්තල් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් දැක බලා ගැනීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මෙවර නත්තල් දින උත්සවය සහ නව වසර ‌වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් පෙන්වීම (open visit) සිදු කිරීම සඳහා බන්ධනාගාර නීති රීති හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ. ඒ අනුව 24 වන ඉරිදා සහ 25 වන සඳුදා යන දිවයිනේ සියලු බන්ධනාගාරවලදී රැඳවියන්ට අමුත්තන් පෙන්වීම සිදු කෙරෙනු ඇති. එක් රැදවියකු වෙනුවෙන් ඥති හිතමිතුරන් තිදෙනෙකුට පැමිණීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

සිරකරුගේ ඥාතීන් විසින් ආහාර පාර්සලයක් හා රසකැවිලි එක් අයෙකුට සරිලන ප්‍රමාණයට පමණක් ගෙනවිත් එම සිරකරුට ලබාදීමට කටයුතු කරන ලෙසටයි ඥාතීන් වෙත දැනුම් දී ඇත්තේ. එමෙන්ම තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන නොඑන ලෙසට ද අවධාරණය කෙරෙනවා.

එදිනට නේවාසිකයින් බැලීම සඳහා බහුල වශයෙන් අමුත්තන් පැමිණීමට ඉඩ ඇති බැවින් බන්ධනාගාරයන්හි හා පිටත විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් පොලිසිය සමග එක්ව සිදු කිරීමටයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සියලූම බන්ධනාගාර අධිකාරීවරුන් සඳහා උපදෙස් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?