නත්තල් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

නත්තල් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් දැක බලා ගැනීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මෙවර නත්තල් දින උත්සවය සහ නව වසර ‌වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් පෙන්වීම (open visit) සිදු කිරීම සඳහා බන්ධනාගාර නීති රීති හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ. ඒ අනුව 24 වන ඉරිදා සහ 25 වන සඳුදා යන දිවයිනේ සියලු බන්ධනාගාරවලදී රැඳවියන්ට අමුත්තන් පෙන්වීම සිදු කෙරෙනු ඇති. එක් රැදවියකු වෙනුවෙන් ඥති හිතමිතුරන් තිදෙනෙකුට පැමිණීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

සිරකරුගේ ඥාතීන් විසින් ආහාර පාර්සලයක් හා රසකැවිලි එක් අයෙකුට සරිලන ප්‍රමාණයට පමණක් ගෙනවිත් එම සිරකරුට ලබාදීමට කටයුතු කරන ලෙසටයි ඥාතීන් වෙත දැනුම් දී ඇත්තේ. එමෙන්ම තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන නොඑන ලෙසට ද අවධාරණය කෙරෙනවා.

එදිනට නේවාසිකයින් බැලීම සඳහා බහුල වශයෙන් අමුත්තන් පැමිණීමට ඉඩ ඇති බැවින් බන්ධනාගාරයන්හි හා පිටත විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් පොලිසිය සමග එක්ව සිදු කිරීමටයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සියලූම බන්ධනාගාර අධිකාරීවරුන් සඳහා උපදෙස් දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11