බයිඩන්ගේ ආරක්ෂිත මෝටර් රථ පෙළේ මෝටර් රථයක් ගැටී අනතුරක්

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගමන් ගන්නා මෝටර් රථපෙළේ රථයක් ඊයේ රාත්‍රියේ අනතුරකට ලක්ව තිබෙනවා.

බයිඩන්ගේ ආරක්ෂක අංශයට අයත් රහස් සේවා මෝටර් රථයක් ජනපතිගේ මෝටර් රථ පෙළේ SUV රථයක මෙලෙස ගැටී ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් ඇමරිකානු ජනාධිපතිවරයාට හානියක් සිදුව නොමැති අතර, ඔහු ආරක්ෂිතව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ ජනාධිපතිවරයාගේ බිරිඳවන ජිල් බයිඩන් ද එම ස්ථානයේ සිට තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම සිද්ධිය වන අවස්ථාවේ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් සමඟ ආහාර ගැනීමෙන් පසු වැසි සහිත රාත්‍රීයේ විල්මින්ටන් නගරයේ මූලස්ථානයෙන් පිටතට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?