මාල හොරාට වැලිගම දී පාඩමක්

බස් රථයක ගමන් කළ කාන්තාවකගේ ගෙළ බැඳි රන්මාලයක් කොල්ල කා පලායාමට තැත්කළ පුද්ගලයෙක් බස් රථයේ ගමන් කළ පිරිස සහ ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාරදීමට කටයුතු කර තිබෙනවා.

වැලිගම, මිරිස්ස ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිය දියණිය උපකාරක පන්තියට ඇරලීම සඳහා අද (17) පස්වරුවේ වැලිගම නගරයට පැමිණ තිබෙනවා.

එහිදී එම කාන්තාව යළි නිවසට යෑම සඳහා බස් රථයකට ගොඩ වී ඇති අතර, බස් රථයේ සිටි පුද්ගලයෙක් ඇයගේ ගෙළ බැඳි රන්මාලය කොල්ල කා පළා යෑමටයි උත්සාහ කර ඇත්තේ.

එම අවස්ථාවේ කාන්තාවගේ කෑ ගැසීමත් සමඟ බස් රථයේ ගමන් කළ පිරිස සහ අවට සිටි පිරිස එක්ව සැකකරුට පහර දී අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා.

අනතුරුව සැකකරුව වැලිගම පොලිසිය වෙත භාරදීමට කටයුතු කර අතර, එහිදී සැකකරුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 22 හැවිරිදි වියේ පසුවන මාතර, තොටමුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු විසින් කොල්ලකන ලද රන් මාලය ඔහුගේ යට කලිසමෙි සඟවාගෙන සිටිය දී සොයාගැනීමට හැකිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28