බස් රථයක ගමන් කළ කාන්තාවකගේ ගෙළ බැඳි රන්මාලයක් කොල්ල කා පලායාමට තැත්කළ පුද්ගලයෙක් බස් රථයේ ගමන් කළ පිරිස සහ ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාරදීමට කටයුතු කර තිබෙනවා.
වැලිගම, මිරිස්ස ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිය දියණිය උපකාරක පන්තියට ඇරලීම සඳහා අද (17) පස්වරුවේ වැලිගම නගරයට පැමිණ තිබෙනවා.
එහිදී එම කාන්තාව යළි නිවසට යෑම සඳහා බස් රථයකට ගොඩ වී ඇති අතර, බස් රථයේ සිටි පුද්ගලයෙක් ඇයගේ ගෙළ බැඳි රන්මාලය කොල්ල කා පළා යෑමටයි උත්සාහ කර ඇත්තේ.
එම අවස්ථාවේ කාන්තාවගේ කෑ ගැසීමත් සමඟ බස් රථයේ ගමන් කළ පිරිස සහ අවට සිටි පිරිස එක්ව සැකකරුට පහර දී අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා.
අනතුරුව සැකකරුව වැලිගම පොලිසිය වෙත භාරදීමට කටයුතු කර අතර, එහිදී සැකකරුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු 22 හැවිරිදි වියේ පසුවන මාතර, තොටමුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු විසින් කොල්ලකන ලද රන් මාලය ඔහුගේ යට කලිසමෙි සඟවාගෙන සිටිය දී සොයාගැනීමට හැකිව තිබෙනවා.




