පවතින අධික වර්ෂාව හමුවේ උතුරේ පවුල් 2142ක පුද්ගලයින් 6719ක් පීඩාවට (ඡායාරූප සහ වීඩියෝ)

උතුරු පළාතට පවතින ජල ගැලීම් හේතුවෙන් උතුරු පළාත තුළ මේ වන විට පවුල් 2142කට අයත් පුද්ගලයින් 6719 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ජල ගැලීම් හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 1245කට අයත් පුද්ගලයින් 3959 දෙනෙකුට පීඩාවට පත්ව ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

කිලිනොච්චිය ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් මේ වන විට පහත්බිම්වල සිටින පවුල් රැසක් පීඩාවට පත්ව ඇති අතර, වගා බිම් හා නිවාස රැසක්ද ජලයෙන් යටවී තිබෙනවා.

කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව වැඩි පිරිසක් ජල ගැලීම් හේතුවෙන් පීඩාවට ලක්ව සිටින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

මුලතිව් දිස්ත්‍රික්කයට ඇති වි තිබෙන ජල ගැලීම් හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 880කට අයත් පුද්ගලයින් 2687 දෙනෙකු පීඩාවට ලක්ව තිබෙන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබෙනවා.

මුලතිව්, මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩි පිරිසක් ජල ගැලීම් හේතුවෙන් පීඩාවට ලක්ව ඇති බව සඳහන්.

ජල ගැලීම් හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 17කට අයත් පුද්ගලයින් 73 දෙනෙකුද පීඩාවට ලක්ව ඇති බව මන්නාරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

පීඩාවට පත් පිරිස වෙනුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන තුනක්ද, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

මුලතිව් දිස්ත්‍රික්කයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන තුනක පවුල් 73 කට අයත් පුද්ගලයින් 243 දෙනෙකු ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් තුළ පවුල් අටකට අයත් පුද්ගලයින් 18 දෙනෙකුද රැදී සිටින අතර අනෙක් පිරිස් ඥාති නිවාසවල රැදී සිටින බව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රකාශ කළා.

කිලිනොච්චිය ඉරණමඩුව, මුලතිව් මුත්තියාන්කට්ටු වැනි ජලාශ ඇතුලු උතුරු පළාතේ සියළු වැව් වාන් දමමින් පවතින බැවින් ජල ගැලීම් තත්වය වර්ධනය විය හැකි අතර ජල මාර්ග දෙපස ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන දැනුම් දෙන්නේ.

ජල ගැලීම්වලට ලක්වූවන් බේරා ගැනීමට මුලතිව් ආරක්ෂක සේනා යුද හමුදා නිළධාරීන් විශාල පිරිසක් එක්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?