පවතින අධික වර්ෂාව හමුවේ උතුරේ පවුල් 2142ක පුද්ගලයින් 6719ක් පීඩාවට (ඡායාරූප සහ වීඩියෝ)

උතුරු පළාතට පවතින ජල ගැලීම් හේතුවෙන් උතුරු පළාත තුළ මේ වන විට පවුල් 2142කට අයත් පුද්ගලයින් 6719 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ජල ගැලීම් හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 1245කට අයත් පුද්ගලයින් 3959 දෙනෙකුට පීඩාවට පත්ව ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

කිලිනොච්චිය ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් මේ වන විට පහත්බිම්වල සිටින පවුල් රැසක් පීඩාවට පත්ව ඇති අතර, වගා බිම් හා නිවාස රැසක්ද ජලයෙන් යටවී තිබෙනවා.

කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව වැඩි පිරිසක් ජල ගැලීම් හේතුවෙන් පීඩාවට ලක්ව සිටින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

මුලතිව් දිස්ත්‍රික්කයට ඇති වි තිබෙන ජල ගැලීම් හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 880කට අයත් පුද්ගලයින් 2687 දෙනෙකු පීඩාවට ලක්ව තිබෙන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබෙනවා.

මුලතිව්, මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩි පිරිසක් ජල ගැලීම් හේතුවෙන් පීඩාවට ලක්ව ඇති බව සඳහන්.

ජල ගැලීම් හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 17කට අයත් පුද්ගලයින් 73 දෙනෙකුද පීඩාවට ලක්ව ඇති බව මන්නාරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

පීඩාවට පත් පිරිස වෙනුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන තුනක්ද, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

මුලතිව් දිස්ත්‍රික්කයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන තුනක පවුල් 73 කට අයත් පුද්ගලයින් 243 දෙනෙකු ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් තුළ පවුල් අටකට අයත් පුද්ගලයින් 18 දෙනෙකුද රැදී සිටින අතර අනෙක් පිරිස් ඥාති නිවාසවල රැදී සිටින බව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රකාශ කළා.

කිලිනොච්චිය ඉරණමඩුව, මුලතිව් මුත්තියාන්කට්ටු වැනි ජලාශ ඇතුලු උතුරු පළාතේ සියළු වැව් වාන් දමමින් පවතින බැවින් ජල ගැලීම් තත්වය වර්ධනය විය හැකි අතර ජල මාර්ග දෙපස ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන දැනුම් දෙන්නේ.

ජල ගැලීම්වලට ලක්වූවන් බේරා ගැනීමට මුලතිව් ආරක්ෂක සේනා යුද හමුදා නිළධාරීන් විශාල පිරිසක් එක්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58