මව ඝාතනය කළ දියණිය රිමාන්ඩ්

කහවත්ත, වැල්ලඳුර ප්‍රදේශයේ නිවසක කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය අත්අඩංගුවට ගත් එම කාන්තාවගේ බාල දියණිය ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකාරිය අද පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

සැකකාරිය අද (16) අලුයම කහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ වැල්ලඳුර වෙලේවත්ත පදිංචිව සිටි 71 හැවිරිදි තිදරු මවක්. ඇය නිවසේ පදිංචිව සිට ඇත්තේ සැකකාර බාල දියණිය සමඟයි.

සැකකාරිය පොලිසියට පැමිණිලි කර තිබී ඇත්තේ තමා රැකියාවට ගොස් නැවත නිවසට පැමිණෙන විට මව කැපුම් තුවාල සහිතව වැටී සිටි බවයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ කහවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර දුරකතන ඇමතුම ලබාදුන් බාල දියණිය සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාර දියණිය කහවත්ත ප්‍රදේශයේ ආර්ථික සංවර්ධන නිලධාරිනියක ලෙස කටයුතු කරන අයෙක් බව සඳහන්.

කාන්තාව ඝාතනයට ලක්ව සිටි ස්ථානය ආසන්නයේ තිබී අත් ඔරලෝසුවක් පොලිස් නිල සුනඛයන් විසින් සොයා ගෙන ඇති අතර එය අත්අඩංගුවට ගෙන ඇති බාල දියණියගේ බවට තහවුරු කරගෙන ඇති බවයි බවයි කහවත්ත පොලිසිය පවසන්නේ.

ඇය සිය මවගේ ගෙල කපා ඝාතනය කර පැය කිහිපයකට පසු නිවසේ පිටුපසට ගොස් දමා ඇති අතර අනතුරැව ලේ පැල්ලම් පිරිසිදු කර ඇති බවටත් පොලිසිය සැක කරනවා.

මේ සම්බන්ධයෙන් මියගිය කාන්තාව සමග නිවසේ වාසය කළ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරන 38 හැවිරිදි දියණියගෙන් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඇය සිද්ධිය වූ දිනයේ පෙරවරු 11යි 40ට පමණ ප්‍රමාදවී කාර්යාලයට ගොස් ඇති බවයි.

පස්වරු 3.40ට කාර්යාලයේ සිට නැවත නිවසට පැමිණ ඇති සැකකාරිය තම මව ඝාතනය කර ඇති බවට පොලීසිය දැනුවත් කර ඇති බවද විමර්ශණවලදී අනාවරන වී තිබෙනවා.

මියගිය මවගේ දේහයට අඩි කිහිපයක දුරින් සැකකාරියගේ අත්ඔරලෝසුව වැටී තිබී හමුව ඇති අතර රත්නපුර පොලිස් නිළ සුනඛ කොට්ඨාශය කරන ලද ස්ථානීය පරීක්ෂණවලදීද පොලිස් නිළ සුනඛයා නිවසින් බැහැරට නොගිය බව සදහන්.

ඒ අනුව මෙම ඝාතනයට අදාලව අනාවරණය වූ කරුණු මත පදනම්ව කිසියම් බාහිර පුද්ගලයකුට මෙය සිදුකළ නොහැකි බව පෙනී යන බැවින් සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි කහවත්ත පොලිසිය ප්‍රකාශ කළේ.

කහවත්ත පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
1
+1
6
+1
14
+1
8
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00