ජලාශ රැසක් වාන් දමයි – ජලාශවලින් පහළ ජීවත්වන ජනතාවටත් දැනුම්දීමක්

වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරනු ලබන ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාව 77%ක මට්ටමක පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර පවසනවා.

එමෙන්ම මහවැලි ජලාශවල සමස්ත ජල ධාරිතාව 85% ඉක්ම වූ මට්ටමක පවතින අතර, විදුලිබල මණ්ඩලය මඟින් නඩත්තු කරනු ලබන ජලාශවල ජල මට්ටම ද ඉහළ අගයක පවතින බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර අනුරාධපුර කලාවැව ජලාශය මේ වනවිට තත්ත්පරයකට ඝන අඩි 12,000 ඉක්ම වූ ධාරිතාවයකින් ජලය මුදාහරින අතර, මේ හේතුවෙන් පහළ කලා ඔයේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඉදිරි කාලය තුළ ලැබෙන වර්ෂාපතනය මත මෙම තත්ත්වය ඉහළ යා හැකි බව සඳහන් කළ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර, කලා ඔයේ දෙපස සිටින ජනතාවට සහ රියදුරන් සැළකිල්ලෙන් පසුවන බවයි දැනුම් දෙන්නේ.

රාජාංගනය ජලාශයේ ද වාන් දොරටු 14ක් මේ වනවිට විවෘත කර ඇති අතර, ඉන් තත්ත්පරයකට ඝන අඩි 15,000 ඉක්ම වූ ජලධරිතාවක් කලා ඔයට මුදාහරින බවයි ඔහු සඳහන් කළේ.

මේ හේතුවෙන් රාජාංගනය ජලාශයෙන් පහළ කලා ඔය දෙපස ජීවත්වන ජනතාවට ද සැලකිලිමත්ව පසුවන ලෙසට දැනුම් දෙනවා.

එමෙන්ම අංගමුව ජලාශයෙන් ද තත්ත්පරයකට ඝන අඩි 1,900ක පමණ ජල ධාරිතාවක් කලා ඔයට මුදාහරින බවයි වාර්තා වන්නේ.

මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ ඉඟිනිමිටිය ජලාශයෙන් ද තත්ත්පරයට ඝන අඩි 4,000ක ජල ධාරිතාවක් මී ඔයට මුදාහරින අතර, තබ්බෝව ජලාශයෙන් තත්ත්පරයට ඝන අඩි 6,000ක ජල ධාරිතාවක් ජලය මුදාහරින බවයි ඉංජිනේරුවරයා පැවසුවේ.

ඒ අනුව මී ඔය දෙපස ජීවත්වන ජනතාවට ද බලපෑමක් එල්ල විය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම දිවයිනේ තවත් ප්‍රදේශ රැසක ඇති ජලාශ ගණනාවක් වාන් දමමින් පවතින බවත්, ඉදිරියේ දී ඇතිවන වර්ෂාව සමඟ ජලාශවල පිටවන් දැමීමේ සීඝ්‍රතාව වෙනස්විය හැකි බවයි ඔහු දැනුම් දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09
Video thumbnail
දස මහා යෝධයා - චාමර සම්පත් දසනායක
01:30
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:17
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:23
Video thumbnail
චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
02:18
Video thumbnail
ඕක ඩිලීට් කරපන් ඕයි, ෆෝන් එක පොළොවේ ග#නවා
00:39
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු ඉක්මවූ සිසුන් ගණන 56000ක් - වැඩිම ලකුණ 193යි
10:40