ඩ්‍රෝන යානාවකින් අග්බෝ හස්ථීයා වීඩියෝ කළ පිරිසක් අත්අඩංගුවට

ඩ්‍රෝන යානාවක් යොදා ගනිමින් අග්බෝ හස්ථීයාගේ සමීප දසුන් ලබා ගනිමින් සිටි පිරිසක් ඩ්‍රෝන යානාවක් ද සමග සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද සවස මෙම පිරිස තිරප්පනය පොලිස් ස්ථානය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වෙඩි වැදීමකින් පාදයට ඇති වූ තුවාල හේතුවෙන් පශු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ හස්ථියා මේ වනවිට තිරප්පනය ප්‍රදේශයේ සැරිසරමින් සිටිනවා.

අද සවස තිරප්පනේ උලගල්ල වැවේ එම හස්ථියා රැදී සිටි අවස්ථාවේ එහි පැමිණි කිසියම් පිරිසක් මෙලෙස ඩ්‍රෝන යානාවක් ආධාරයෙන් එම හස්තියාගේ වීඩියෝ දර්ශණ ලබා ගැනීමට කටයුතු කර තිබුණා.

එහිදී අදාළ ඩ්‍රෝන යානාව ගුවන් ගත කිරීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවට ලැබුණු තොරතුරක් පොලිසියට දැනුම් දීමට ගුවන් හමුදාව පියවර ගෙන තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ ‍ඩ්‍රෝන යානය සමග එය ගුවන්ගත කළ බව කියන පුද්ගලයින් 4 දෙනෙකු ප්‍රශ්ණ කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති ඩ්‍රෝන යානාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් පිරිසක් විමර්ශණ ආරම්භ කර ඇතැයි සඳහන්.

සිද්දිය සම්බන්ධයෙන් තිරප්පනය පොලිසියයි වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
5
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34