පුංචි ඡන්දය කල් දැමීමට එරෙහි පෙත්සම් විභාගය කල් යයි

මාර්තු මස 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා කළ පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි විභාගයට ගෙන තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි නඩු විභාගය පැවැත්වෙන්නේ.

එහිදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ පැෆරල් සංවිධානය වෙනුවෙන් නීතිඥ අස්ථික දේවේන්ද්‍ර මහතා කරුණු ඉදිරිපත් කළා.

ඔහු කියා සිටියේ මෙම පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටින මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනු නොකිරීම ගැටලු සහගත බවයි.

නඩුවට අදාළව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ගොනු කර තිබෙන විරෝධතාවල මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමට තරම් ප්‍රමාණවත් මුදල් නොමැති බව මුදල් අමාත්‍යවරයා දැනුම් දී ඇතැයි ප්‍රකාශ කර තිබු බවත් නීතිඥවරයා සඳහන් කළා.

මේ පිළිබඳව මුදල් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයද දැනුවත් කර තිබෙන බවත් නීතිඥවරයා ප්‍රකාශ කරනවා.

පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් මුදල් අමාත්‍යවරයා නම් කර තිබුණත් ඔහු ඊට අදාළව විරෝධතා ගොනු නොකිරීම ගැටළු සහගත වන අතර එම විරෝධතා ගොනු කිරීම සඳහා ඔහුට වගකීමක් තිබෙන බවයි නීතිඥවරයා තර්ක කළේ.

අනතුරුව පෙත්සම වැඩිදුර විභාගය කල් තිබුණා.

මාර්තු මස 09 වනදා නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මුලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56