spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුංචි ඡන්දය කල් දැමීමට එරෙහි පෙත්සම් විභාගය කල් යයි

මාර්තු මස 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා කළ පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි විභාගයට ගෙන තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි නඩු විභාගය පැවැත්වෙන්නේ.

එහිදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ පැෆරල් සංවිධානය වෙනුවෙන් නීතිඥ අස්ථික දේවේන්ද්‍ර මහතා කරුණු ඉදිරිපත් කළා.

ඔහු කියා සිටියේ මෙම පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටින මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනු නොකිරීම ගැටලු සහගත බවයි.

නඩුවට අදාළව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ගොනු කර තිබෙන විරෝධතාවල මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමට තරම් ප්‍රමාණවත් මුදල් නොමැති බව මුදල් අමාත්‍යවරයා දැනුම් දී ඇතැයි ප්‍රකාශ කර තිබු බවත් නීතිඥවරයා සඳහන් කළා.

මේ පිළිබඳව මුදල් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයද දැනුවත් කර තිබෙන බවත් නීතිඥවරයා ප්‍රකාශ කරනවා.

පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් මුදල් අමාත්‍යවරයා නම් කර තිබුණත් ඔහු ඊට අදාළව විරෝධතා ගොනු නොකිරීම ගැටළු සහගත වන අතර එම විරෝධතා ගොනු කිරීම සඳහා ඔහුට වගකීමක් තිබෙන බවයි නීතිඥවරයා තර්ක කළේ.

අනතුරුව පෙත්සම වැඩිදුර විභාගය කල් තිබුණා.

මාර්තු මස 09 වනදා නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මුලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?