ලොව ජනප්‍රියම නායකයා බවට ඉන්දීය අගමැති මෝදි පත් වෙයි

අමෙරිකාව කේන්ද්‍රකරගත් මෝර්නින් කන්සල්ට් නම් ආයතනය මගින් සිදුකළ සමීක්ෂණයක් මගින් ගෝලීය නායකයන් අතර ජනප්‍රියම නායකයා බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පත්ව තිබෙනවා.

මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගෝලීය නායකයන්ගේ ජනප්‍රිය ලැයිස්තුවේ පළමු තැනට පත්ව ඇත්තේ 76%ක මනාප ලබාගනිමිනි.

එම ලැයිස්තුවේ දෙවන තැනට පත්ව ඇත්තේ මෙක්සිකෝවේ ජනාධිපති ඇන්ඩ්‍රස් මැනුවල් ලෝපස් ය. ඔහු ලබා ඇති මනාප ප්‍රතිශතය 66%කි. 58%ක මනාප ප්‍රතිශතයක් ලබාගනමින් ස්විට්සර්ලන්ත ජනාධිපති ඇලේන් බර්සෙග් එහි තුන්වන ස්ථානයට තේරි පත්ව තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්